අතුරුගිරියේ වෙඩිතැබීම : ඝාතකයින් පැමිණි මෝටර් රථය සොයා ගැනේ !

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

අද (08) උදෑසන අතුරුගිරිය නගරයේ සිදුවූ‍ වෙඩිතැබීම සඳහා වෙඩික්කරුවන් පැමිණි බවට සැක කෙරෙන මෝටර් රථය කඩුවෙල, කොරතොට ප්‍රදේශයේ දමා ගොස් තිබියදී සොයාගෙන ඇති බව පොලීසිය පවසයි.

අතුරුගිරිය ඔරලෝසු කණුව ආසන්නයේ රූපලාවන්‍ය ආයතනයක් විවෘත කිරීමේ උත්සවයක් අතරතුර අද උදෑසන 10 ට පමණ මෙම වෙඩිතැබීම සිදුව තිබුණු අතර එහිදී සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත නම් 55 හැවිරිදි ව්‍යාපාරිකයා සහ තවත් 38 හැවිරිදි පුද්ගලයකු මියගොස් තිබිණි.

ජනප්‍රිය ගායිකාවක් වන කේ. සුජීවා සහ තවත් කාන්තාවන් දෙදෙනෙකුත් පිරිමි පුද්ගලයෙකුත් එම වෙඩිතැබීමෙන් තුවාල ලැබූ අතර ඔවුන්ගෙන් දෙදෙනෙකු කොළඹ ජාතික රෝහලේත් අනෙක් දෙදෙනා හෝමාගම රෝහලේත් ප්‍රතිකාර ලබමින් සිටිති.

මෝටර් රථයකින් පැමිණි වෙඩික්කරුවන් දෙදෙනෙකු ටී 56 ගිනිඅවි දෙකක් යොදාගනිමින් මෙම වෙඩිතැබීම සිදුකර ඇති බව මූලික පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කැරට්-නාස් කාරයොන්ට සීමා නොවුණු ශීත කලාව!

සටහන – පුලී ජනවාරි 01, කොළඹ (LNW): හිම වැටෙන්නට පටන් ගන්නා...

බස් රථ ධාවනය නොවූ මාර්ග 40ක අද සිට බස් සේවා ඇරඹේ!

කොළඹ LNW:පුනරුදයට මග වැඩපිළිවෙල යටතේ ග්‍රාමීය ප්‍රදේශවල ජීවන තත්ත්වය...

බලශක්ති අමාත්‍යාංශයේ ඊළඟ පෙරළිය !

රෂිකා හෙන්නායක ජනවාරි 01, කොළඹ LNW : එළඹෙන පෙබරවාරි 01...