අතුරුගිරියේ වෙඩිතැබීම : ඝාතකයින් පැමිණි මෝටර් රථය සොයා ගැනේ !

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

අද (08) උදෑසන අතුරුගිරිය නගරයේ සිදුවූ‍ වෙඩිතැබීම සඳහා වෙඩික්කරුවන් පැමිණි බවට සැක කෙරෙන මෝටර් රථය කඩුවෙල, කොරතොට ප්‍රදේශයේ දමා ගොස් තිබියදී සොයාගෙන ඇති බව පොලීසිය පවසයි.

අතුරුගිරිය ඔරලෝසු කණුව ආසන්නයේ රූපලාවන්‍ය ආයතනයක් විවෘත කිරීමේ උත්සවයක් අතරතුර අද උදෑසන 10 ට පමණ මෙම වෙඩිතැබීම සිදුව තිබුණු අතර එහිදී සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත නම් 55 හැවිරිදි ව්‍යාපාරිකයා සහ තවත් 38 හැවිරිදි පුද්ගලයකු මියගොස් තිබිණි.

ජනප්‍රිය ගායිකාවක් වන කේ. සුජීවා සහ තවත් කාන්තාවන් දෙදෙනෙකුත් පිරිමි පුද්ගලයෙකුත් එම වෙඩිතැබීමෙන් තුවාල ලැබූ අතර ඔවුන්ගෙන් දෙදෙනෙකු කොළඹ ජාතික රෝහලේත් අනෙක් දෙදෙනා හෝමාගම රෝහලේත් ප්‍රතිකාර ලබමින් සිටිති.

මෝටර් රථයකින් පැමිණි වෙඩික්කරුවන් දෙදෙනෙකු ටී 56 ගිනිඅවි දෙකක් යොදාගනිමින් මෙම වෙඩිතැබීම සිදුකර ඇති බව මූලික පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

තෙල් දෙන්න රුසියාව සහතික වුණත් ගොඩබෑමේ ප්‍රශ්නයක් මතුවෙයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:රුසියාවෙන් මෙරටට ඉන්ධන ලබා දීම ස්ථිර කර...

2026 ආර්ථික පෙරළිය: අපේ විදේශ විනිමය ඉතිරියට මොකද වුණේ?

රෂිකා හෙන්නායක අප්‍රේල් 01, කොළඹ LNW : ශ්‍රී ලංකාවේ ආර්ථික...

ලොව විශාලතම ජන සංගණනය හෙටින් ඇරඹේ

සටහන: සශිකලා මධුෂාණිඅප්‍රේල් මස 01 ; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ලෝකයේ...

මිලියන දහස් ගණනක වියදමට ප්‍රතිලාභ ලැබෙන සැළසුම් සකස් වෙයි

නිශ්මං රණසිංහ ,අප්‍රේල් 01, කොළඹ LNW: දේශීය ක්‍රිකට් සඳහා මිලියන...