ආනන්ත් අම්බානිගේ විවාහයේ ගයන්න ජස්ටින් බීබර්ට ඩොලර් මිලියන 10ක් ?

සටහන : සශිකලා මධුෂාණි
ජුලි 09, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : මෙම මස ජූලි 12 සිට 14 දක්වා පැවැත්වීමට නියමිත ප්‍රකෝටිපති මුකේෂ් අම්බානිගේ බලපුත්‍රයා වන ආනන්ත් අම්බානි හා ඔහුගේ පෙම්වතිය වන රාධිකා මර්චන්ට් අතර විවාහයේ අමුත්තන් පිළිගැනීමේ උත්සවය වෙනුවෙන් මෙවර ගයන තරුව වන ජස්ටින් බීබර්ට ආරාධනා කර ඇති අතර ඒ වෙනුවෙන් ඔහුගේ මිල ඩොලර් මිලියන 10ක් බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

මාර්තු මාසයේදී, මෙම යුවළ බටහිර ජම්නගර් නගරයේ දින තුනක පූර්ව විවාහ උත්සවයක් පැවැත්වූ අතර, මාර්ක් සකර්බර්ග් සහ බිල් ගේට්ස් ඇතුළු ඉහළ පෙළේ අමුත්තන් 1,200 ක් පමණ එයට සහභාගී වූ අතර එම ප්‍රසංගයට ගායනයෙන් සමබන්ධ වූ ප්‍රසිද්ධ ගායිකා රිහානා වෙනුවෙන් ඩොලර් මිලියන 07ක මුදලක් ගෙවා තිබිණ.

කෙසේ නමුත් ආසියාවේ විශාලතම විවාහ උත්සවය අනන්තගේ දෙමාපියන් වන මුකේෂ් සහ නීටා අම්බානිගේ නිවස වන තට්ටු 27කින් යුක්ත ඇන්ටිලියා හි පවත්වන අතර 16,000කට අධික පිරිසක් පැමිණෙතැයි අපේක්ෂා කෙරේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාධ්‍යවේදිනී කුමුදි නෙත්තසිංහගේ අක්ලිෂ්ට ප්‍රේමයක් කාව්‍ය සංග්‍රහය එළිදකියි!

කොළඹ LNW:පොත් කවර චිත්‍ර නිර්මාණ ශිලපිනි,රතු ඉර ජාතික පුවත්...

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...