ව්‍යවස්ථාව සංශෝධනයට කැබිනට් අනුමැතිය!

Date:

කොළඹ LNW:ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබි තිබේ.

මෙතෙක් පැවති ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීම යටතේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 30(2), 62(2) සහ 83(ආ) යන ව්‍යවස්ථාවන්හි ජනාධිපතිවරයාගේ ධුර කාලය සහ පාර්ලිමේන්තුව පවත්නා කාලය සම්බන්ධයෙන් අනනුකූලතාවක් පවතින බව නිරීක්ෂණය වී ඇති බවයි පැවසෙන්නේ.

ඒ පිළිබඳව වන සැකය මග හරවා ගැනීමට සහ කවර හෝ අනුකූලතාවක් ඉවත් කිරීමට “සාවුරුද්දක් ඉක්මවා” යන වචන වෙනුවට “පස් අවුරුද්දක් ඉක්මවා” යන වචන ආදේශ කිරීම මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83(ආ) ව්‍යවස්ථාව සංශෝධනය කර ඇති බව වාර්තා වෙයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතක් සකස් කිරීම පිණිස මෙම යෝජනාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් සිදු කර තිබෙන අතර ඊට අනුමැතිය අද කැබිනට් මණ්ඩලයෙන් හිමිව ඇත.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ICE නැතුව ශීත සෘතු ඔලිම්පික් උළෙල පවත්වන්නැයි කියන විරෝධතාවලින මිලාන් උණුසුම් වෙයි

නිශ්මං රණසිංහ පෙබරවාරි 01, කොළඹ LNW: නාසි ෆැසිස්ට්වාදයෙන් 1945 දී...

ඉරානයට පහර දුන්නොත් ‘කලාපීය යුද්ධයක්’ ඇති වන බවට කමේනි ඇමරිකාවට අනතුරු අඟවයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 01, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරාන උත්තරීතර නායක...

ලෝක කුසලානයට සහභාගිවන්න නෙදර්ලන්තය ලංකාවට

නිශ්මං රණසිංහ පෙබරවාරි 01, කොළඹ LNW: ඉන්දියාව සහ ශ්‍රී ලංකාව...

යුක්රේන ත්‍රෛපාර්ශ්වික සාකච්ඡා බදාදා අබුඩාබියේදී නැවත ආරම්භ වේ: Zelenskyy කියයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 01, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්රේන යුද්ධය අවසන්...