*
Sunday, October 27, 2024
spot_img

Latest Posts

මේ අපූරු රටේ කීර්තිමත් නායකයන් ඇතුළු ඊශ්‍රායලයේ බොහෝ මිතුරන් ශ්‍රී ලංකාවේදී හමුවීමට ලැබීම ගැන මම ඉතා සතුටට පත් වුණෙමි – ඊශ්‍රායල් තානාපති

සටහන – රෂිකා හෙන්නායක ජූලි 10, කොළඹ (LNW):

ඊශ්‍රායලය සිය 76 වැනි නිදහස් දිනය ශ්‍රී ලංකාවේදී සමරයි

මැයි මස 14 වන දිනට යෙදී තිබූ ඊශ්‍රායල රාජ්‍යයේ 76 වැනි නිදහස් දිනය සමරනු වස් කොළඹ පිහිටි ශ්‍රීලකාවේ ඊශ්‍රායල් තානාපති කාර්යායෙදී උත්සවයක් පැවැත්වීනි. කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගීවූ එම උත්සවය ඊශ්‍රායල සංස්කෘතිය, උරුමයන් සහ සහ දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පිළිබඳ විචිත්‍රවත් සංදර්ශනයකින් සමන්විත විය .

ඊශ්‍රායලයේ 76 ජාතික දිනය ශ්‍රී ලංකාවේ ජනතාව සමඟ සැමරීමට ලැබීම පිළිබඳව තමන් ඉතා සතුටට පත්වෙන බව උත්සව සභාව අමතමින් ශ්‍රී ලංකාවේ ඊශ්‍රායල තානාපති Naor Gilon පැවසීය. වැඩි දුරටත් අදහස් දැක්වූ ඊශ්‍රායල් තානාපති වරයා මෙලෙස පැවසීය.

''මේ අපූරු රටේ කීර්තිමත් නායකයන් ඇතුළු ඊශ්‍රායලයේ බොහෝ මිතුරන් ශ්‍රී ලංකාවේදී හමුවීමට ලැබීම ගැන මම ඉතා සතුටට පත් වුණෙමි. මම මගේ ධුර කාලය අවසන් කර මෙම ගිම්හානයේදී ඊශ්‍රායලයට ආපසු යන බැවින් මෙම අවස්ථාව මගේ සමුගැනීමක් ලෙසද දක්වනු කැමැත්තෙමි. මෑත වසරවලදී, සංචාරක, වෙළඳාම සහ ඊශ්‍රායලයේ ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ගේ රැකියා වැනි ක්ෂේත්‍රවල අපගේ ද්විපාර්ශ්වික සහයෝගීතාව ක්‍රමයෙන් වර්ධනය වෙමින් පවතී. මගේ අනුප්‍රාප්තිකයා අපගේ ද්විපාර්ශ්වික සහයෝගීතාවය වැඩි දියුණු කරනු ඇතැයි මම බලාපොරොත්තු වෙමි''

ඊශ්‍රායල් තානාපති Naor Gilon ශ්‍රී ලංකාවේ රැඳී සිටි කාලය තුළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග සාකච්චා පැවැත්වූ අතර, දැනට පවතින සහයෝගිතා ක්ෂේත්‍ර සහ ජාතීන් දෙක අතර අන්‍යෝන්‍ය සහයෝගීතාව ඉහළ නැංවීම පිළිබඳව එහිදී අවධානය යොමුවිය . එමෙන්ම තානාපතිවරයා කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර සහ ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් අරුණි විජේවර්ධන සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා ද පැවැත්වීය.

Naor Gilon ඊශ්‍රායලයේ ඉන්දීය තානාපති වරයා මෙන්ම ශ්‍රි ලංකාවේ සහ භූතානයේ අනේවාසික ඊශ්‍රායල් තානාපතිවරයා ලෙසද කටයුතු කරයි.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan