පාර්ලිමේන්තුවේදී මේ ආණ්ඩුව පරාජය කර අලුත් ගමනකට මුල පුරන්න ඕනෑ – විමල් (VIDEO)

Date:

වත්මන් ආණ්ඩුව පාර්ලිමේන්තුව තුළ පරාජයට පත්කර නව ගමනක් ආරම්භ කළයුතු බවත් වත්මන් ආණ්ඩුවෙන් ඉවත්වන ලෙස ජනතාව මැති ඇමතිවරුන්ට බල කළයුතු බවත් ආණ්ඩුවේම කුඩා පක්ෂ 11ක සන්ධානයේ නායකයකු වන විමල් වීරවංශ මහතා පවසයි.

“මොකක් හරි අඳුරු ඉරණමකට ආණ්ඩුව ඇදවැටිලා. එහෙම ආණ්ඩුවකට පුළුවන්කමක් නෑ මේ වගේ තත්වයකින් මේ රට බේරාගන්න. ඒ නිසා තමයි අපි ආරාධනා කරලා තියෙන්නෙ හැමෝටම පාර්ලිමේන්තුවේ මේ ආණ්ඩුව පරාජයට පත්කරලා නව ගමනකට මුල පුරන්න ඕනෙ. එහෙම නැතුව මේගොල්ලොන්ට මේ පණ ඇද ඇද මේ රට විනාශ කරන්න ඉඩදිය යුතු නෑ”

“මේ ආණ්ඩුවේ ඉන්න හැම මැති ඇමතියාටම රටේ මිනිස්සු මොන විදියෙන් හරි කියන්න ඕනෙ බැහැපල්ලා මෝඩයෝ එළියට කියලා”

පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා මේ බව පැවසුවේ ඊයේ (30) ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු ආණ්ඩුවේ කුඩා පක්ෂ 11 සන්ධානයේ නියෝජිතයින් සමග ඉත්තෑපානේ ධම්මාලංකාර හිමියන් බැහැදැකීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බටහිර නයිජීරියාවේ ගම්මාන දෙකකට එල්ල වූ ප්‍රහාරවලින් පුද්ගලයින් 160 කට වැඩි පිරිසක් මරුට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 05, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): බටහිර නයිජීරියාවේ ගම්මාන...

ක්‍රිකට් ‘හූ‘ ගැන මතක සහ අනවබෝධයේ වපසරිය

නිශ්මං රණසිංහ පෙබරවාරි 05, කොළඹ LNW: ක්‍රිකට්වලට හූ කිමේ කලාව...

මගී සේවා අවසර බලපත්‍ර නෛතිකව පවරා දීමට අදාල ගැසට්ටුව අද (05) සිට බලාත්මකයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 05, කොළඹ LNW : ප්‍රවාහන අමාත්‍යංශය විශේෂ...

කැරම්බෝඩ් නඩුවේ මූලික විරෝධතා පිළිබඳ නියෝගය ප්‍රකාශ කිරීම කල් යයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 05 කොළඹ LNW : 2015 වසරේ පැවැති...