සටහන – රුවන් නෙළුගොල්ල
සමගි ජන බලවේගය දිස්ත්‍රික් මට්ටමෙන් පවත්වාගෙන යන “විජයග්‍රාහී ජන පවුර” නම් ජන රැලි මාලාවේ කළුතර දිස්ත්‍රික් රැලිය අද (13) පැවැත්වීමට නියමිතව තිබේ.
ඒ අනුව අද පස්වරු 02.00 ට මතුගම මහජන ක්‍රීඩාංගණයේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් එම රැලිය පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත.
“සජිත් ජනපති කරන ජන බලය ගොඩනඟන විජයග්‍රාහී ජන පවුර” මැයෙන් යුතුව එම රැලිය පැවැත්වේ.
ඊට සජබ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ආසන සංවිධායකවරුන් සහ පාක්ෂිකයින් ඇතුළු විශාල පිරිසක් සහභාගී වීමට නියමිත බවයි සංවිධායකයින් පැවසුවේ.