ලොව ප්‍රථම AI රූ රැජින කිරුළ මොරොක්කෝවට!

Date:

සටහන – පුන්සරා ලියනගේ

ජූලි 13, (LNW) කොළඹ:මෙම වසර මුලදී, World AI Creator සම්මාන උළෙල විසින් AI-ජනනය කරන ලද නිරූපිකාවන් සඳහා ලොව ප්‍රථම AI රූ රැජින තරඟය හඳුන්වා දෙන ලදී.

මෙම ලොව ප්‍රථම AI රූ රැජින තරගයේ විනිසුරුවන් විසින් පසුගිය මාසයේ අවසන් තරඟකරුවන් 10 දෙනෙකු එළිදැක්වීමෙන් පසුව, 2024 AI රූ රැජින කිරුළු පැළඳීම උත්කර්ෂවත් අයුරින් සිදු කෙරිණි.

ඉන්ස්ටග්‍රෑම් 200,000කට ආසන්න සංඛ්‍යාවක් සහ TikTok හි 45,000ක් රසිකයින් සිටින Kenza Layli මෙසේ AI රූ රැජින ලෙස කිරුළු පැළදීය.

New york post

මෙහි ඡායාරූප, අදහස් ඉදිරිපත් කිරීම් සියල්ලම AI තාක්ෂණය ඔස්සේ සිදු කර තිබේ. රටවල් කිහිපයකින් තරඟ වැදුණු AI නිරූපිකාවන් ද මෙහිදී දක්නට ලැබිණි.

Fanvue Miss AI තරඟය, “කෘතිම බුද්ධියේ ක්ෂේත්‍ර තුළ අලංකාරය සහ නිර්මාණශීලිත්වය, අප දකින ආකාරය වෙනස් කිරීම” ප්‍රදර්ශනය කිරීම අරමුණු කරගනිමින්, ලොව පුරා සිටින AI නිර්මාණකරුවන් එකතු කර ඔවුන්ගේ ඩිජිටල් නිර්මාණ එළිදැක්වීම සඳහා දියත් කළ වැඩසටහනකි.

CNN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාලදිවයින මහ කොමසාරිස් සහ ජවිපෙ ප්‍රධාන ලේකම් අතර හමුවක්!

කොළඹ LNW:ශ්‍රී ලංකාවේ මාලදිවයින මහ කොමසාරිස් මසූඩ් ඉමාඩ් (Masood...

විගණකාධිපති ප්‍රශ්නය ගැන ත්‍රෛනිකායික මහනාහිමිවරු ජනපතිට ලියති!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: ස්ථිර විගණකාධිපතිවරයෙක් පත් කිරීමට නොහැකි වීම...

ඉන්දියාව හා යුරෝපා සංගමය නව ඓතිහාසික වෙළඳ ගිවිසුමකට එළඹේ

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 27: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): දශක දෙකකට ආසන්න...

ජනාධිපති කාර්යාලය ඉදිරිපිට මාරාන්තික උපවාසයේ සිටි කාන්තාවක් රෝහල්ගත කරයි

ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට මරාන්තික උපවාසක නිරතවූ සංවර්ධන නිලධාරිනියක්...