මේ වෙලාවේ වැඩවර්ජන කරන්නේ ද්‍රෝහියෝ. මැතිවරණය තෙක් කිසිම වැඩවර්ජනයකට අපි සම්බන්ධ වෙන්නේ නෑ – ලාල්කාන්ත සහතික වෙයි !

Date:

මේ මොහොතේ වැඩවර්ජනවල නිරත වීම ජාතික ජන බලවේගයේ මැතිවරණ ජයග්‍රහණයට බාධාවක් වියහැකි බැවින් මැතිවරණයක් පවත්වන තෙක් කිසිදු වැඩවර්ජනයකට ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය එක් නොවන බව එම මධ්‍යස්ථානයේ සභාපති, ජාතික ජන බලවේගයේ විධායක සභික කේ.ඩී. ලාල්කාන්ත මහතා අවධාරණය කරයි.

වැඩවර්ජනවලට නොයා වෙනත් වෘත්තීය සටන්වල නියැළෙන ලෙස අනෙකුත් වෘත්තීය සමිතිවලටත් තමන් යෝජනා කරන බවයි ඒ මහතා සඳහන් කළේ.

“ජනාධිපති කාර්ය මණ්ඩලයේ වැටුප් ලබන වෘත්තිය සමිති නායකයන් යැයි කියා ගන්නා අය ජනතාව පීඩාවට පත්කරන වෘත්තිය සමිති අරගල එළියට දාන්න නොයෙක් උත්සාහ කරනවා. දුම්රිය වර්ජනය එහෙම වර්ජනයක්ද කියලා සැකයක් අපට මතුවෙනවා. පැරණි සම්ප්‍රදායන් මත පදනම් වෙලා අරගල කරන යුගයක් නොවෙයි දැන් තිබෙන්නේ. වෙනස්ම තත්වයක් තිබෙන්නේ. මේ තත්වය සමග වෙනස් වී නව අරගල හඳුන්වා දෙන්න බැරි නම්, එය මෙතෙක් පැවැති වෘත්තිය සමිති අරගලවලටත් සිදුකරන අපරාධයක්. දැනුවත්ව හෝ නොදැනුවත්ව අරගලයේ ජයග්‍රාහී කොඩිය එසවීමට එරෙහි ක්‍රියාමාර්ග ගන්නවා නම්, එය ද්‍රෝහී ක්‍රියාවක්.

කළ යුත්තේ පුනරුද යුගය ලබා ගැනීමට අලුත් තත්වයන් සමග වෙනස් වීමයි. මෙතැනින් ඉදිරියට ජනතාවාදී පාලනයක් පිහිටුවා ගන්නා වටපිටාවක වෘත්තිය අරගල සටන්, සියල්ල කරන අතරේ ජාතික වෘත්තිය සමිති මධ්‍යස්ථානය කිසිදු වැඩවර්ජනයකට සහභාගී නොවීම ස්ථිරයි. අනෙකුත් වෘත්තිය සමිතිවලට අපි යෝජනා කරන්නේ හැමදෙනාම එක්වී මේ පාලකයන් පන්නා දමමු කියලයි. ලෝක ඉතිහාසය පුරාම පැවති සටන් සියල්ලම ප්‍රගතිශීලී නැහැ. ප්‍රතිගාමී සටන් තිබිලා තියෙනවා. ප්‍රගතිශීලී කොටස් අතර ප්‍රතිගාමිත්වයේ කොටස් සටන් කරනවා. සටනක් නොකළ යුතු වෙලාවක වැඩිපුරම සටන් ඉල්ලන්නේ ප්‍රතිගාමී කණ්ඩායම්. මේ තත්වයන් හඳුනාගන්න අපට හැකි වෙන්න ඕනෑ”

කේ. ඩී. ලාල්කාන්ත මහතා මේ බව පැවසුවේ “පුනරුදයේ සම්ප්‍රාප්තියේ වැඩපිළිවෙල” ජනගත කිරීමේ උත්සවය අමතමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාවේ දෙවන තරගය හෙට ඉන්දියාව සමඟ

නිශ්මං රණසිංහ ජුනි 28, කොළඹ LNW: ආසියානු යොවුන් නෙට්බෝල් තරගාවලිය...

අශෝක ජයතුංග e කොළම.

🍎පිටකොටුවෙ හාල් මුදලාලි තවත් ටොන් 40,000ක් ගෙන්වයි...!  🍎මාළිමාව පච වලටම...

වයඹදිග පාකිස්ථානයේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් 13 දෙනෙකු මරුට

සටහන: සශිකලා මධුෂාණිජුනි 28; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වයඹදිග පකිස්ථානයේ කයිබර්...

ගිලන් හදට සුවයක් වූ සුව අරණෙහි දෙවසරක මතකාවර්ජන….

රෂිකා හෙන්නායක ජූනි 28, කොළඹ LNW : ඕනෑම දැඩි...