ජනාධිපතිවරණය ගැන ඉදිරිපත් වූ අනෙක් පෙත්සම විභාගය සඳුදාට!

Date:

කොළඹ LNW:ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනය විධිමත් ලෙස සම්මත වී නොමැති නිසා එය ජනමත විචාරණයකට යොමුකර ඉන් අනුමැතිය ලබා ගන්නා තුරු ඉදිරි ජනාධිපතිවරණයක් පැවැත්වීම තුළින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය වන බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා ගොණුකර තිබූ පෙත්සම සලකාබැලීම සදහා ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් නම් කර තිබේ.

නීතීඥ අරුණ ලක්සිරි උනවටුන මහතා විසින් පසුගියදා මෙම පෙත්සම ඉදිරිපත් කරනු ලැබූ අතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනය විධිමත් ආකාරයෙන් සම්මත වී නොමැති නිසා එය ජනමත විචාරණයකට යොමුකර ඉන් අනුමැතිය ලබා ගන්නා තුරු ඉදිරි ජනාධිපතිවරණයක් පැවැත්වීම තුළින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය වන බවට තීන්දුවක් ලබා දෙන ලෙසයි එම පෙත්සම මඟින් ඔහු ඉල්ලා තිබුණේ.

ඒ අනුව අදාළ පෙත්සම අගවිනිසුරු ජයන්ත ජයසූරිය, අර්ජුන ඔබේසේකර සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ එළඹෙන සදුදා (15) විභාගයට ගැනීමට නියමිතයි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජපාන අධිවේගී මාර්ගයක වාහන 50ක් එකිනෙක ගැටීමෙන් දෙදෙනෙකු ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණි දෙසැම්බර් 28: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: මධ්‍යම ජපානයේ...

වසර පහකට පසුව මියන්මාර හමුදා පාලනයෙන් පවත්වන මැතිවරණයත් මුලාවක්?

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: මියන්මාර හමුදා පාලනය විසින් 2021 වසරේ...

දේශපාලන අස්ථාවරත්වය අවසන් කිරීමේ උත්සාහයක් ලෙස කොසෝවෝහි හදිසි මැතිවරණයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): වසරක දේශපාලන අස්ථාවරත්වය...

ඩග්ලස් දේවානන්දාට නිකුත් කළ ගිනි අවි 20 ක් සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 28, කොළඹ LNW: අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව විසින්...