ප්‍රදේශ රැසකට වැසි හෝ ගිගුරුම් සහිත වැසි – අද (14) කාලගුණ නිවේදනය

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

අද (14) දිනයේදී බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

සබරගමුව පළාතේත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 50 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැක.

ඌව පළාතේත් අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක.

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, බස්නාහිර, දකුණ, උතුරු, උතුරු-මැද, සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් විටින් විට හමන පැ.කි.මී. (40-50) ක පමණ තද සුළං ඇතිවිය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

චීන-බ්‍රිතාන්‍ය සබඳතා අලුත් කළ දෙරට නායකයින්ගේ තීරණාත්මක හමුව!

කොළඹ LNW:චීන ජනාධිපති ෂී ජින්පිං මහතා චීනයේ නිල සංචාරයක...

මියන්මාර සයිබර් අපරාධ මැඩලීමට චීනය දැඩි තීරණ ගනී: 11කට මරණ දඬුවමද ක්‍රියාත්මක කරයි!

රෂිකා හෙන්නායක ජනවාරි 29 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මියන්මාරයේ ක්‍රියාත්මක...

ප්‍රවීණයකුගේ නික්ම යෑම…

රෂිකා හෙන්නායක ජනවාරි 29, කොළඹ LNW : මෙරට සිනමා ක්ෂේත්‍රයට...