බොරදියේ මාළු බෑම

Date:

ශ්‍රී ලංකාව සුබසාධන රාජ්‍යයක් හැටියට ප්‍රචලිතය. එබඳු රාජ්‍යයන්හි ජනතාව නිරන්තරයෙන්ම සහන අපේක්ෂා කරති. රජයෙන් නොමිලේ දෙන දෙයින් ජීවත්වීමට සමහරු හුරු වී සිටිති. ජගත් මූල්‍යායතන සුබසාධක අනුමත කරන්නේ නැත.

ආර්ථික දියුණුවට පදනම ආයෝජන බව එම ආයතනවල පිළිගැනීම වෙයි. ආර්ථික විද්‍යාව පැත්තෙන් බලන විට එය නිවැරැදිය. එහෙත් සමාජ පැවැත්ම දෙස ආපසු හැරී බලන විට දුප්පත්ම ජනතාවට සහන අවශ්‍ය බව පිළිගත යුතු කාරණයකි. වත්මන් ආණ්ඩුව ක්‍රියා කරන්නේ මේ දෙක අතර මැද රේඛාවක් පදනම් කරගෙනය. ආණ්ඩුව ආයෝජන ගැන වැඩි උනන්දුවක් දක්වන අතරම ජනතා සහන කපා හරින්නට සූදානම් නැත. ජනතාවාදී ආණ්ඩුවලට අයි.එම්.එෆ්. වැනි ආයතනවල නිර්දේශ ගෙඩිය පිටින් පිළිගන්නට පුළුවන්කමක් නැත.අලුත් අවුරුදු සමය යනු අපේ සංස්කෘතික ජීවිතයේ උපරිම අවස්ථාවකි. එය මඟහැර යා නොහැකිය. දුප්පත්, පොහොසත්, අන්ත දුප්පත් යන කාටත් අලුත් අවුරුද්ද සැමරීමට අවස්ථාව තිබිය යුතුය. එහෙත් අද පවතින ආර්ථික අර්බුදය හමුවේ අවුරුදු සැමරීම පහසු නැත. එහි අමාරුව මධ්‍යම පන්තියට පවා දැනී ඇත. වඩාත් අසරණභාවයට පත්ව ඇත්තේ අන්ත දුප්පත් සමාජ කණ්ඩායම යැයි කිව හැකිය.

රාජ්‍ය සේවකයන්ට වැටුප් තිබේ. අවුරුදු බෝනස් තිබේ. ජීවන වියදම් දීමනා තිබේ. අවශ්‍ය නම් උත්සව අත්තිකාරමක් වුව ගත හැකිය. අන්ත දුප්පත් පවුල්වලට ඒ කිසිවක් නැත. පන්දහසේ දීමනාව එබඳු පවුල්වලට යම් සහනයක් උදාකරනු ඇත.රට බලවත් ආර්ථික පීඩනයක හිරවී සිටින බව පුන පුනා කිව යුතු නැත. එය විසඳීම කෙරෙහි ආණ්ඩුවේ ප්‍රමුඛ අවධානය යොමු කළ යුතු බව ද අමුතුවෙන් කිව යුතු නැත. මේ මොහොතේ ආණ්ඩුව ගනු ලබන සෑම තීරණයක්ම බුද්ධිමත් විය යුතුය. ඒවා ජනප්‍රිය තීරණ නොවූවාට කම් නැත. ඒ කුමන අර්ථයකින් බැලුව ද දුප්පත්ම ජනතාව කෙරෙහි සානුකම්පිත තීරණ ගැනීම ද සිදු විය යුතුය. එබඳු තීන්දු තීරණ වැරැදි යැයි තර්ක කළ හැක්කේ මහ පොළොවේ යථාර්ථය නොදන්නා කෙනකුට පමණි.

අවුරුදු බෝනස් එක ආර්ථික විද්‍යාවේ තර්කවලට අනුව කෙබඳු ලෙස විග්‍රහ කළ ද රාජ්‍ය පාලනය අතින් සලකා බලන විට බෙහෙවින් මානුෂීයවාදී පියවරකි. එය නිසි ලෙස සුදුසු ජනතාව අතරට පත් කිරීමට අපගේ නිලධාරි පෙළැන්තිය වග බලා ගත යුතුව තිබේ. සෑම ජනතා සහනයකදීම පාහේ මහජනයාගෙන් ලැබෙන චෝදනා ද තිබේ. චෝදනාවලින් තොරව මේ ජනතා සහනය භාවිත කළ හැකි නම් එය ජයග්‍රහණයකි.පවතින ආර්ථික අර්බුදය සදාකාලික එකක් නොවනු ඇත. මෙය කෙටිකාලීන බව ද, ආණ්ඩුවට එය විසඳිය හැකි බව ද අප තුළ විශ්වාසයක් ගොඩනඟා ගත යුතුව තිබේ. ඉන් නොනැවතී ආණ්ඩුවට ඒ සඳහා සහයෝගය දීමට ද සෑම පාර්ශ්වයක්ම ඉදිරිපත් විය යුතුය. මේ මොහොතේ බොරදියේ මාළු බාන්නට යන අය ද සිටිති. ඔවුන්ගේ උත්සාහයන් පරාජය කළ යුතුය.

#ඇත්ත Facebook

Sponsored Article

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Rank Container Terminal (Pvt) Ltd සහ Senura Civil Engineering (Pvt) Ltd වෙතින් ‘Rebuilding Sri Lanka’ අරමුදලට රුපියල් මිලියන 50ක පරිත්‍යාගයක්

දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවගේ ජන ජීවිතය මෙන්ම...

José Antonio චිලී ජනාධිපති ධුරයට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): José Antonio...

ව්‍යසන කළමනාකරණය සඳහා වූ ජාතික සභාව ජනපති ප්‍රධානත්වයෙන් රැස් වෙයි!

අද (15) පෙරවරුවේ ව්‍යසන කළමනාකරණය සඳහා වූ ජාතික...

දේශීය අදායම් දෙපාර්තමේන්තුව ඉලක්කය අභිබවා බදු ආදායම් උපයයි!

ආශික බ්‍රාහ්මණ කොළඹ LNW:දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සිය ආදායම් ඉලක්ක ඉක්මවා...