විදුලි හා ඉන්ධන අර්බුදය හේතුවෙන් දුරකතන සංඥා ගැටලු මතු වී ඇති බවත්, අන්තර්ජාල සබඳතා බිඳවැටී ඇති බවත් අද පෙරවරුවේ වාර්තා විය. ඊයේ දිනයේ සිට දෛනිකව පැය 10 ක විදුලි කප්පාදුවක් සිදුවන අතර මේ නිසා දුරකතන සංඥා කුළුණු අඛණ්ඩව ක්රියාත්මක කිරීමට නොහැකි වී තිබෙනවා.
මෙම ගැටලුවට පිළියම් ලෙස සෑම දුරකතන කුළුණක් සඳහාම හිගයකින් තොරව ඩීසල් ලබාදීමට විශේෂ වැඩපිළිවෙලක් ආරම්භ කර ඇති බව තාක්ෂණ අමාත්යංශය පවසනවා.
විදුලි කප්පාදුව සිදු කරන අවස්ථාවලදී විදුලි ජනන යන්ත්ර භාවිතයෙන් සංඥා කුළුණු අඛණ්ඩව ක්රියාත්මක වූ නමුත් ඩීසල් හිගය හේතුවෙන් විදුලි ජනන යන්ත්ර ක්රියාත්මක කිරීමටද නොහැකි වී තිබෙනවා.
හිගයකින් තොරව ඩීසල් ලබාදීමත් සමග ඉදිරියේදී සංඥා කුළුණු අඛණ්ඩව ක්රියාත්මක වනු ඇති බව තාක්ෂණ අමාතයංශය අවධාරණය කරයි.
UN