මැතිවරණ දිනය තව ටිකක් ඉස්සරහට යනවා නම් අපේ අපේක්ෂකයාට හොඳයි!

Date:

කොළඹ LNW:මැතිවරණ දිනය තව ටිකක් කල් යන්නේ නම් පක්ෂය විසින් තෝරා ගන්නා අපේක්ෂකයාට තමන්ගේ හැකියාව පෙන්වීමට තවත් කාලයක් ලැබෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා පැවසුවේය.

ඒ, අද (17) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නෙලුම් මාවත ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවේදීය.

කෙසේවෙතත් මැතිවරණ කොමිසම විසින් මැතිවරණය පැවැත්වෙන දිනය නම් කිරීම ගැන පක්ෂයක් ලෙස බක හිඳින බවද රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේය.

”අපි මැතිවරණ කොමිසම දිහා බලාගෙන ඉන්නේ කඩිනමින් දිනය අරගන්න. ඒක නිසා තමයි ඊයේ දවසෙත් අපි මැතිවරණ කොමිසමට ගිහිල්ලා අපේ උනන්දුව පෙන්නුවේ. මැතිවරණ දිනය කොමිසම විසින් නම් කලාම අපි බලනවා. මොකද අපේක්ෂකයෝ ගණනාවක් මේ වෙද්දී අපිත් එක්ක සාකච්ජා කරමින් ඉන්නවා මට පුළුවන් කියල. දකින්නත් ඇතිනේ. සමහර වෙලාවට දිනය ටිකක් ඉස්සරහට යනවා නම් අපි තෝරාගැනීම් කරන පුද්ගලයට අවස්ථාව තියෙනවා තවත් දුරට තමුන්ගේ හැකියාවන් පෙන්වන්න. ඒ නිසා මේ වෙලාවේ ඒ ඔක්කොම අත්හදාබලලා තමයි අපි හොඳම අපේක්ෂකයා තිරා ගන්නේ.” යනුවෙන් හෙතෙම තවදුරටත් පැවසුවේය.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බංග්ලාදේශයේ හිටපු අගමැතිනි ෂෙයික් හසීනාගේ ආධාරකරුවන් මිලියන ගණනක් මෙවර ඡන්දය වර්ජනය කිරීමට සැරසේ ?

සටහන: සශිකලා මධුෂාණි ඔක්තෝබර් 30: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : බංග්ලාදේශයේ තම...

මහබැංකු අධිපතිගේ නිවාස දෙකක් ගැන විමල්ගෙන් චෝදනා !

මහබැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතාට අයත් දික්වැල්ලේ සහ කොළඹ...

අද (30) දවසේ කාලගුණ නිවේදනය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ඔක්තෝබර් 30) දිනයේදී සබරගමුව, මධ්‍යම...

යෝෂිතට සහ ඩේසි ආච්චිට එරෙහි නඩුව කල්යයි

සටහන - රුවන් නෙළුගොල්ල හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත්...