පාලකයෝ සටකපට නූල්සූත්තර දැම්මත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරන්න කාටවත් බැහැ – විපක්ෂ නායක

Date:

කොළඹ LNW:පාලකයෝ කුමන සටකපට නූල්සූත්තර දැම්මත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමට කිසිවෙකුට හෝ නොහැකි බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

සමාජය තුළ අවිනිශ්චිතතාවක් ව්‍යාකූලත්වයක් නිර්මාණය කර ඇති අතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ උත්තරීතර නීතිය අනුව සිදුවිය යුතු දේවල් වෙනවාද නැද්ද කියා අවිනිශ්චිතතාවක් ඇති බවයි විපක්ෂ නායකයා සඳහන් කරන්නේ.

එයට හේතුව විවිධ අය ප්‍රජාතන්ත්‍රවාදය ජාතික අවශ්‍යතාව අමතක කර තමන්ගේ සුඛවිහරණය තමන්ගේ තැන රැක ගැනීමට කටයුතු කිරීම බවත් තමන්ගේ බඩගෝස්තරවාදී ජීවන රටාව නඩත්තු කිරීමට රටත් ප්‍රජාතන්ත්‍රවාදයත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවත් විකුණන්න සූදානම් පාලකයන් සිටින බවත් හෙතෙම කියාසිටියි.

මොවුන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විනාශ කරන්න උල්ලංඝනය කරන්න කටයුතු කරන බවත් බංකොලොත් රටෙත් ව්‍යාකූලත්වය තුළින් රටම අවුල් වෙන තැනට පත්කර ඇති බවත් ජනතාවගේ සිතුවිලි සමඟ සෙල්ලම් කර වැරදි අවබෝධ ලබා දි රටම අවුල් වෙන වැඩකටයුතුවලට යොමුවන බවත් එම නිසා මේ බොරු හැගීම්වලට කරුණුවලට නොරැවටෙන ලෙස ජනතාවගේ හෙතෙම ඉල්ලා සිටියි.

රටේ උත්තරීතර නීතිය වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කුමන ජගතෙකුටවත් උල්ලංඝනය කළ නොහැකි බවයි ප්‍රේමදාස මහතා සඳහන් කරන්නේ.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ වන්නි පොළොන්නරුව දිඹුලාගල අරලගංවිල විලේයාය ප්‍රාථමික විද්‍යාලයට සක්වල සුහුරු පන්ති කාමර ලබා දීමේ වැඩසටහනේ 326 වැනි අදියර යටතේ රුපියල් 1,177,000ක් සුහුරු පන්ති කාමර උපකරණ සහ ශබ්දකෝෂ රැසක් පරිත්‍යාග කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

මෙහි දී පාසලේ පුස්තකාලට ඉංග්‍රීසි පොත් ලබා ගැනිමට පාසල් සංවර්ධන ගිණුමට රු. ලක්ෂයක මුදලක් පරිත්‍යාග කර තිබේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පරාද වී පටන්ගත් කොළඹ උතුර අවසානයේ යූත් කුසලානය දිනා අවසන් කරයි

නිශ්මං රණසිංහ ජූලි 01, කොළඹ LNW: මුහුණ දුන් පළමු තරග...

ශ්‍රී ලංකාවට අදත් අමාරු තරගයක්

නිශ්මං රණසිංහ ජූලි 01, කොළඹ LNW: ආසියානු යොවුන් දැල් පන්දු...

මනූෂගේ මගම යමින් අවබෝධතා ගිවිසුමකින් E-8 වීසා යළි කරළියට

දකුණු කොරියාවේ සෘතුමය රැකියා E-8 වීසා යටතේ නැවතත් සක්‍රිය...