සංක්‍රමණික බෝට්ටුවක් ගිනි ගැනීමෙන් හයිටි ජාතිකයන් 40 දෙනෙකු මරුට

සටහන: සශිකලා මධුෂාණි,
ජුනි 20,ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ) : ඊයේ (19)දිනයේදී උතුරු හයිටියේ Saint-Michel කොටුවේ සිට ටර්ක්ස් සහ කයිකෝස් දූපත් වෙත සංක්‍රමණිකයන් 80ක් රැගෙන පිටත් වූ බෝට්ටුවක් උතුරේ කැප්-හයිටියන් වෙරළට ඔබ්බෙන් ගිනි ගැනීම හේතුවෙන් 40 දෙනෙකු මියගොස් 11 දෙනෙකු පිළිස්සුම් තුවාල ලබා ඇති බව සංක්‍රමණ සඳහා වන ජාත්‍යන්තර සංවිධානය (IOM) නිවේදනය කර තිබේ.

එක්සත් ජාතීන්ගේ සංක්‍රමණ ඒජන්සියට අනුව හයිටි වෙරළාරක්ෂක භටයින් විසින් පුද්ගලයින් 41 දෙනෙකු බේරා ගෙන ඇති අතර ගින්නට හේතුව බෝට්ටුවේ සිටි අය ආරක්ෂිත මාර්ගයක් ඉල්ලා චාරිත්‍රානුකූලව ඉටිපන්දම් දැල්වීම හේතුවෙන් පෙට්‍රල් ගිනිගැනීම බවයි හයිටියේ සිවිල් ආරක්ෂක කාර්යාලයේ ප්‍රධානියා වන ජීන්-හෙන්රි පෙටිට් මියාමි හෙරල්ඩ් මාධ්‍ය වෙත සඳහන් කර තිබුණේ,

වසර තුනකට පෙර ජනාධිපති Jovenel Moïse ගේ ඝාතනයෙන් පසු හයිටියේ ප්‍රචණ්ඩත්වය උග්‍රව ඇති අතර සන්නද්ධ කණ්ඩායම් මේ වසර මුලදී අගනුවර වන පෝට්-ඕ-ප්‍රින්ස් පාලනයට ගත් අතර, සති කිහිපයකට පසු අගමැති ඒරියල් හෙන්රිට ඉල්ලා අස්වීමට සිදුවිය.

දරිද්‍රතාවයෙන්, අවනීතියෙන් සහ නිවස තුළ කල්ලි ප්‍රචණ්ඩත්වයෙන් මිදී සෑම වසරකම දස දහස් ගණන් ජනයා අක්‍රමවත් මාර්ග හරහා එක්සත් ජනපදය, බහමාස්, ටර්ක්ස් සහ කයිකෝස් දූපත් සහ ජැමෙයිකාව ඇතුළු කලාපයේ රටවලට මෙලෙස පලා යයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පේදුරුතුඩුව මූලික රෝහලට නව සිව් මහල් හෙද නිල නිවාස සංකීර්ණයක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : රුපියල් මිලියන 212ක...

2027 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත ගැසට් කරයි!

කොළඹ LNW:2027 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත ගැසට්...

ගිනිඅවි සහ ජීව පතොරොම් සමඟ හෙරොයින් ජාවාරම්කරුවෙකු අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : බස්නාහිර පළාත් උතුර...

22ට ජනමත විචාරණයක් අවශ්‍ය නෑ – ශ්‍රෙෂ්ඨාධිකරණය තීන්දු කරයි

විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාමේ වයස් සීමාව දීර්ඝ කිරීම සඳහා රජය...