ලක් ලලනාවෝ බංගලාදේශය පරාජය කරති

Date:

සටහන – නිශ්මං රණසිංහ
ජූලි 20, (LNW) කොළඹ :

ආසියානු කාන්තා විස්සයි විස්ස කුසලාන තරගාවලියේ බංගලාදේශය සහ ශ්‍රී ලංකාව අතර පැවති තරගයේ දී,කාසියේ වාසිය ලැබ පළමුව පන්දුවට පහර දුන් බංගලාදේශ කණ්ඩායම වෙනුවෙන් ශ්‍රී ලංකා පන්දු යවන්නියන් ඉදිරියේ නොසැලී සිටින්නට සමත් වුණේ පන්දු කණ්ඩායම් නායිකා නිගාර් සුල්තානා පමණයි.ඇය පන්දු 59 දී නොදැවී ලකුණු 48 ක් ලබා ගන්නට සමත් වුණා.ඇය ගොඩ නඟන්නට උත්සාහ කළ ඉණිම වෙනුවෙන් සහය ලැබුණේ රබීයා ඛාන් (10) සහ ශොර්නා අක්තාර් (25) වෙතින් පමණයි.සෙසු සියළුම පිතිකාරිණියන්ගේ ලකුණු තනි ඉලක්කමේ ලකුණු වූ අතර පන්දු ඕවර් 20 නිමාවේ බංගලාදේශ ඉණිම කඩුලු 8 ට ලකුණු 111 ට සීමා වුණා.


පිළිතුරු ඉණිමට පිවිසි ශ්‍රී ලංකාව වෙනුවෙන් විශ්මි ගුණරත්න සහ හර්ෂිතා මාධවී එක්ව දෙවන කඩුල්ල වෙනුවෙන් එක් කරන ලද ලකුණු 54 ක සබඳතාවයක් පැවත්වූවා.ඒ නිසා පන්දු ඕවර් 17.1 දී බංගලාදේශ කණ්ඩායම ලැබූ ලකුණු 111 පසුකර කඩුලු 3 ට ලකුණු 114 ක් බවට ලකුණු පූවරුව පත් කරන්නට ශ්‍රී ලංකාවට හැකි වුණා.මේ අතරින් පන්දු 48 න් ලකුණු 51 ක් රැස් කළ විශ්මි ගුණරත්න චමරි අතපත්තු සමඟ පළමු කඩුල්ලට ලකුණු 36 ක සබඳතාවයක් ගොඩ නඟන්නට සමත් වුණා.ඇය තරගයේ වීරවිරිය ලෙස අභිශේන ලැබූ අතර බංගලාදේශය රැස් කළ ලකුණු 111 ආරක්ෂා කරන්නට හුදෙකලා සංග්‍රාමයක යෙදුණ නිහිදා අක්තාර් සිය පන්දු ඕවර් 4 ලකුණ 12 ට නිම කරමින් ශ්‍රී ලංකාවට අහිමි වූ කඩුලු තුනේම හිමිකාරිය බවට පත් වුණා.


ශ්‍රී ලංකා පන්දු යවන්නියන් අතර කැපී පෙණුන ඉනෝෂි ප්‍රනාන්දු,බංගලාදේශයේ රිටූ මෝනි දවා ගන්නට පන්දු යවමින් පෙරළා පැමිණි උඩ පන්දුව රැක ගැනීම මේ තරගාවලියේ මේ දක්වා දුටු අලංකාරම සහ විශ්මය දනවන උඩ පන්දු රැක ගැනීම වුණා.ඇය පන්දු ඕවර් 4 ලකුණු 17 ට කඩුලු දෙකක් දවා ගනිමින් නිමා කරන්නට සමත් වුණා.උදේශිකා ප්‍රබෝධනී ලකුණු 29 ට කඩුුලු 2 ක් දවා ගත් අතර චමරි අතපත්තු,කවීශා දිල්හාරි සහ සුගන්ධිකා කුමාරි එක් කඩුල්ල බැඟින් බෙදා ගනු ලැබුවා.


එහෙත් මෑත කාලයේ දී කඩුලු අතර සිටින තුන් ඉරියව් ක්‍රීඩිකා කවීශා ඉදිරියේ ප්‍රතිවාදි පිතිකාරිණියන් යම් කිසි ආකාරයකින් වැඩි ලකුණු ප්‍රමාණයක් ලබා ගන්නා ආකාරයක් සෙසු පන්දු යවන්නියන්ට සාපේක්ෂව දැකිය හැකි වෙනවා. එය ප්‍රවේශමෙන් අධ්‍ය්‍යනය කර නිවැරදි කර ගත යුතු තත්ත්වයක් වෙනවා.මන්ද ඇය ශ්‍රී ලංකාව සතුව දැනට සිටින මතු බලාපෙරොත්තු සහිත හොඳම තුන් ඉරියව් ක්‍රීඩිකාවයි.
තරගයේ ලකුණු සටහනට → https://es.pn/4bShTc5

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බිහිසුණු එයාර් ඉන්දියා ගුවන් අනතුරට හේතුව කෝ පයිලට් ඇද්ද වැරදි ලීවරය ද?

සටහන – පුලීජූනි 17, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ගුවන් සේවා විශේෂඥයෙකු...

කොච්චර කිව්වත් පිළිගත්තේ නෑනේ.ඩීල් නෑ කියපු ජේවීපී ඒකේ ඩීල් දැමිල්ල කොහොමද? (VIDEO)

කොළඹ LNW: යටින් ඩීල් දැමිල්ල ජනතා විමුක්ති පෙරමුණට එදා...

පොලිස් සැරයන්වරයෙකුට වන අලි ප්‍රහාරයක්!

රෂිකා හෙන්නායක ජූනි 17, කොළඹ LNW : වන අලියෙකු පහරදීමෙන්...

ලහිරු සහ තරිඳු ටෙස්ට් වරම් දිනා ගනියි

නිශ්මං රණසිංහ ජුනි 17, කොළඹ LNW: බංගලාදේශයට එරෙහිව පැවත්වෙන ටෙස්ට්...