සටහන – නිශ්මං රණසිංහ
ජූලි 21, (LNW) කොළඹ :
මේ මොහොත ලංකාවේ කාන්තා වොලිබෝල් කේෂ්ත්‍රය ගැන හිතන අයට අනාගතයට එබෙන්න පිරිච්චි බලාපොරොත්තු එකතු කරන මොහොතක්.අවුරුදු 20 න් පහළ මධ්‍යම ආසියානු වොලිබෝල් තරගාවලියෙ සූරතවය දක්වා සෙමින් සෙමින් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් පියවර තබමින් සිටීම ඊට හේතුවයි.1991 දී දකුණු ආසියාතික තරගාවලිය ජය ගැනීම තමයි අදටත් ශ්‍රී ලංකාව සතුව තිබෙන කාන්තා වොලිබෝලයේ ස්වර්ණමය මතක සටහන.හැබැයි තවමත් ඒ රන් පදක්කම්වලට තඹක්ක තරමටවත් සැළකීමක් ලැබිලා නැහැ.ඒ නිසා වැදගත්ම දේ බලධාරීන්ට කියන්න තියෙන්නෙ මේ කෙල්ලො බලා ගනිල්ලා.
මොකද බලා ගැනීමේ ප්රශ්නය නිසා ලංකාවට අහිමි වෙන්න ගිය කෙල්ලො තුන්දෙනෙක් මේ තරගාවලිය පුරා දක්වන දස්කම් අති විශිෂ්ඨයි.ඒ නම් වලට තරගාවලිය පැවත්වෙන මාල දිවයින ප්‍රේක්ෂකාගාරයම මේ වෙන කොටත් ඉන්නෙ වශීකෘත වෙලා.

හර්ශනී නිසංසලා
කණ්ඩායම් නායිකා චතුරි පූර්ණිමා,සුලක්ෂණා පසිඳුනි සහ හර්ශනී නිසංසලා මේ කෙල්ලො තුන් දෙනයි.චතුරිගෙ සහ හර්ෂණීගේ වේගය හා සමානවම පහරවල් එල්ල කරන අතරේම සුලක්ෂණා වේගයටත් වඩා තරගයේ මොහොතට ගැලපෙන විදිහට ඔළුව පාවිච්චි කිරීමේදිත් විශේෂයි.

මේ තුන්දෙනාගෙන් දෙන්නෙක් එකම පවුලෙ සහෝදරියො.ඒ සුලක්ෂණා සහ චතුරි.මේ තුන්දෙනාම රටක් වටින ක්‍රීඩිකාවන් කරන්න විශාලම වෙහෙස දැරුවෙ ඉන්දික පුෂ්පකුමාර.ඉන්දික තමයි මේ ක්‍රීඩිකාවන් පැටි වියේ ඉදලම මේ දක්වා ගෙනාපු වොලිබෝල්මය පදනම.ඒ සැටලිම නොසළකා හරින්නට අවශ්‍යයනම් පුළුවන්.ඒ කාරණය තියෙන්නෙ මේ ක්‍රීඩිකාවන් අතේ සහ ඔවුන්ගෙ වැඩිහිටියන් අතේ.
කෙසේ හෝ මේ තිදෙනා මේ වන විට ලංකාවෙ වොලිබෝල් පිටියෙ දකින්න නැති චරිත වෙන්න තිබුණා.ඒක තමයි ඇත්ත.ඒ ඇත්ත බොරු කරලා වෙනස් කළේ ගිරිඋල්ල වික්රමශීලාවයි.අම්පාර උහන තිස්සපුර කියන නම ලංකාවෙ වොලිබෝල් එක්ක පහළ වීම සිද්ධ වුණේ ලොකු ආකර්ශණයක් ඇති කරමින්.එහෙම තත්ත්වයක් ඇතුළෙ ඒ විද්‍යාලයෙ මුල් පුටුව වෙනස් වෙනවා.අලුතින් පුටුව ඉඳගන්න කෙනා රටම දන්න වොලිබෝල්වලට පන දුන්න සියල්ල කාමර ඇතුළට දාලා අඟුළු දානවා.අවශ්‍යය අධ්‍යාපනය බව සිතනවා.ඒවාට විරුද්ධව කිසිඳු පියවරක් ඊට ඉහළින් ඉන්න අධ්‍යාපන බලධාරීන් ගන්න යන්නෙ නැහැ.
මේ තමයි නූතණ මොඩලය ඇතුළෙ ලංකාවෙ අධ්‍යාපනය ඇතුළෙ ක්‍රීඩාවට ඒවා පාලනය කරන්න පත් කරන අය දෙන තැන.ඒත් මේ තරු ගුණය ඇති කෙල්ලො ටික ඊට වඩා වෙනස් ගති ඇති විදුහල්පති පුටුවෙ ඉන්න කාන්තාවක් භාර ගන්නවා.ඒ ගිරිඋල්ල වික්‍රමශීලාවේ විදුහල්පතිය.නමින් දමයන්ති සතරසිංහ.දන්න තරමට ඇය අම්ම කෙනෙක් වගෙ සමහර දරුවන්ගෙ අධ්‍යාපන අවශ්‍යයතා වෙනුවෙන් සිය නිවස පවා වෙන් කර දෙන්න පැකිලෙන්නෙ නැහැ.ස්කෝලේ ආසන්නයෙ තියෙන ගෙයක් මේ දරුවන් වෙනුවෙන් වෙන් වෙන්නෙ වොලිබෝල් ප්‍රේමියෙක් වෙන බිටූ ලංකා අධිපතිතුමාගෙන්.
පාසල් සංවර්ධන සමිතිය,ආදි ශිෂ්‍ය සංගම් මේ සියල්ල මේ තුන් දෙනා විතරක් නෙමෙයි උහනෙන් ආපු කෙල්ලො ටික රැක ගන්න අත්වැල් බැඳගන්නවා.මේ දරුවෙ ගමට ආපු තිළිණයක් හැටියට භාර ගන්නවා.සමහර වතුවල කැඩෙන පොල්වලින් කොටසක් මේ දරුවන්ගෙ නවාතැන්පොළට එනවා.සමහර මස් කඩවලින් මස් කොටසක්,තව සමහර තැන්වලින් එළවළු ආදි ලෙස ගිරිඋල්ලම මේ දරුවො තමන්ගෙ කරගෙන ඉන්නෙ.ගිරිඋල්ලට එකතු වෙච්චි ක්‍රීඩා පදනම මේ සියල්ල අධීක්ෂණයට අරගෙන බොහොම පියවි සිහියෙන් මේ දරුවන්ව ඉදරියට ඔසවා තබනවා.

චතුරි පූර්ණිමා
හැබැයි සමහර විදිහට රටම එකතු වෙලා මෙහෙම හදන්න උත්සාහ කරපු ක්‍රීඩිකාවක් ඒ දේවල් ඇය වෙත ළගා වූ මාර්ග සියල්ල අවහිර කර තමන්ගෙ පවුලෙ සුඛ විහරණයට යොදා ගන්න උත්සාහ කළ ක්‍රීඩිකාවක් ඉතාම ලාබාල වියේදී ලෝක මටිටමේ අවධානය දිනා ගෙන මැකිලා ගියා.එහෙම අත්දැකීම් තියෙන හංසයාගේ රන් බිත්තර එක සැරේ අයිති කරගන්න හංසයා මරලා දාපු අත්දැකීම් ඔස්සෙ මේ පැටික්කියො වගේම ඒ පවුල්වල අයත් බොහොම කල්පනාවෙන් නැඟපු ඉණිමගේ හැම පඬියක්ම ආදරෙන් වැළඳගන්න හිතාගන්න ඕනි.

සුලක්ෂණා පසිඳුනි
ක්‍රීඩා කරන අපූර්ව මානව හැකියාව තවත් දිදුලන්නෙ මනුස්සකම් එකතු වුණාම.පැවත්ම තියෙන්නෙත් එහෙමයි කියන පාඩමත් හැමෝම දැන උගත යුතුයි.මේ සියල්ල ශ්‍රී ලංකා අවුරුදු 20 න් පහළ කණ්ඩායමේ අන් ක්‍රීඩිකාවන් පහත හෙලන්නට හෝ එම පුහුණු කාර්ය මණ්ඩලය නොසළකා හරින්නට මේ තිදෙනා ඉස්මතු කර පෙන්වීමට ගත් උත්සාහයක් නොවෙයි.ඒ සියල්ල අති විශිෂ්ඨයි.කැපවීම මේ වැඩේ එක තියෙන බැදීම හැම ඉරියව්වකම කියවෙනවා.ඇත්තටම කණ්ඩායමක් විදිහට ඉහළ සිට පහළ සිට දකින හැසිරීම ආදරේ දැනෙන ආදරේ හිතෙන එකක්.
එක දෙයක් කිව යුතු නිසා මේ තිදෙනාට විශේෂ අවධානයක් දුන්නා.ඒ කෙනෙක් නොසළකා හැරිය වීසි කර දැමූ වටිනාකම් තුනක් රැක බලාගෙන රටට පමණක් නොවී,රටේ සුවඳ ලෝකයට රැඟෙන යන්නන් බවට පත් කළ වැඩ සටහනක් මේ තිදෙනා පිටුපස තියෙනවා.අම්පාරෙ තිස්සපුර අත හැරිය මොවුන්ව වික්රමශිලාවේ පමණක් නොවේ ගිරිඋල්ලම එකතුව රැක ගන්නා සම්පත් කර ගත්තු ක්‍රමයක් මේ පිටුපස තියෙනවා.ඒක ආදර්ශයට ගම්මු.ගිරිඋල්ල රැක දෙන මේ සම්පත් රටේ බලධෘරීන්ද ඒ වෙහෙසම දරා රකින්න.91 දකුණු ආසියාවේ රත්තරන් වුණ කෙල්ලන්ගේ ඉරණම මේ අනාගතයට නොලැබෙන්න වැඩ කරන්න.අපි අවදියෙන් බලා සිටින්නෙමු.
ප්‍රධාන ඡායාරූපය වමේ සිට බලන විට, විදුහල්පති ළඟින්ම ඉන්නෙ සුලක්ෂණා. වමේ සිට විදුහල්පතිනිය පසු කර යද්දි දෙවැන්නා චතුරි,අන්තිමට ඉන්නෙ හර්ෂණී.
