සටහන – රුවන් නෙළුගොල්ල
ඉදිරි ජනාධිපතිවරණයට රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් විය යුතු බවට යෝජනාවක් අද (21) කඩවත පැවති “එක්ව ජයගමු – අපි ගම්පහ” රැලියේදී සම්මත කරගෙන තිබේ.
එම ජන රැලිය සංවිධානය කළ අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා විසින් එම යෝජනාව ඉදිරිපත් කළ අතර රැස්ව සිටි පාක්ෂිකයින් දෑත් ඔසවා එම යෝජනාව සම්මත කර ඇත.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කරන ජන රැලි මාලාවේ තුන්වැනි අදියර වශයෙන් මෙම රැලිය කඩවත බස් නැවතුම්පොල අසලදී විශාල ජන සහභාගීත්වයක් සහිතව පැවැත්විණි.