නීත්‍යානුකූල ලේකම්වරයා මමයි – සිරිපාලලාගේ වැඩේ අවසන් ප්‍රතිඵලයත් දයාසිරි කලින්ම පෙන්වයි

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

නිමල් සිරිපාල ද සිල්වා මහතා සහ දුමින්ද දිසානායක මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති සහ ලේකම් වශයෙන් පෙනී සිටියත් එම තනතුරු සඳහා ඔවුන්ව පිළි ගනිමින් මැතිවරණ කොමිසම මෙතෙක් කිසිදු ලේඛනයක් නිකුත් කර නොමැති බවත් පක්ෂයේ නීත්‍යානුකූල ලේකම්වරයා තමන් වන අතර තමන්ට එම තනතුර ලැබුණේ අධිකරණ නියෝගයක් හරහා බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසයි.

“මේ පක්ෂයේ නීත්‍යානුකූල ලේකම්වරයා මමයි. ඒ තනතුර මට ලැබිලා තියෙන්නේ උසාවි නියෝගයකින්. ඒ උසාවි නියෝගයත් එක්ක අපි ඉදිරියේදී ඉතාම ඉක්මනින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නිවැරදි තැනකට ගේන්න කටයුතු කරනවා අනිවාර්යයෙන්ම. නිමල් සිරිපාල ද සිල්වා මැතිතුමා සහ දුමින්ද දිසානායක මහත්මයා, ඔවුන් දෙන්නා කියනවා සභාපති සහ ලේකම් කියලා. මේ දෙන්නාව පිළිඅරගෙන මැතිවරණ කොමිසමෙන් මේ වෙනතුරු කිසිම ලියවිල්ලක් ඉදිරිපත් කරලා නෑ. මේකෙ අවසාන ප්‍රතිඵලය මම කියන්නම්, මේකෙ අවසාන ප්‍රතිඵලය තමයි පැහැදිලිවම මැතිවරණ කොමිසම මේ දෙගොල්ල කැඳවලා සාකච්ඡා කරලා බලනවා, සාකච්ඡා අසාර්ථක වුණොත් පක්ෂය බහා තබන්න කටයුතු කිරීමට තමයි අවසාන වශයෙන් මැතිවරණ කොමිසමට සිද්ධ වෙන්නෙ, නාමයෝජනා දුන්නායින් පස්සෙ. ඒ නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අද අත්වෙලා තියෙන ඉරණම තමයි මේ. මේ ඉරණම පක්ෂ සංවිධායකවරුන් හොඳින් තේරුම් ගත යුතුයි”

දයාසිරි ජයසේකර මහතා මේ බව පැවසුවේ ඊයේ (22) කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇෆ්ගනිස්ථානයේ භූ කම්පනය හේතුවෙන් මියගිය සංඛ්‍යාව 800 ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණි සැප්තැම්බර් මස 02:ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඊයේ(01)දිනයේදී ඇෆ්ගනිස්තානයේ කුනාර්...

වසර 9කට පසු විමල්ගේ තුම්මුල්ලේ නඩුව විභාගයට දින දෙයි

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් වශයෙන් කටයුතු කළ සෙයිද්...

ජනපති අනුර කච්චතිව් දූපතේ නිරීක්ෂණ චාරිකාවක

යාපනයේ සංවර්ධන වැඩසටහන් කිහිපයක් ආරම්භ කිරීමේ සහ විවෘත කිරීමේ...

සතිඅන්තයේ දී සන්ස්ක්‍රීන් අමතක නොකරන්න! සූප ශාස්ත්‍රයෙන් නමගිය Gordon Ramsay ගෙන් පණිවුඩයක්!

සටහන – පුලී සැප්තැම්බර් 01, කොළඹ (LNW): නමගිය සූප සාත්තරයෙන්...