විපක්ෂ නායක සජිත්ගෙන් මාසයකටත් අඩු කාලයක් තුළ රට පුරා පාසල් 100කට සුහුරු පන්ති කාමර 100ක් !

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

අප රටේ වතු ක්ෂේත්‍රයේ අහිංසක ජීවිතයක් ගත කරන වතු ප්‍රජාවගේ ජීවිත සමඟ සෙල්ලම් කරන දේශපාලන සූදුවලට යොමු නොවී, වගා නොකළ පෞද්ගලික හා රජයේ මුඩු ඉඩම්වල තමන්ගේ ම නිවසක් සාදා ගෙන එම භූමියේ කුඩා තේ වගාවක් ආරම්භ කරගෙන ජන සමාජයේ ජීවත් වීමේ අයිතිය හා වරම සමගි ජන බලවේග රජයක් තුළ ඔවුන්ට ලබා දෙන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

වතු ප්‍රජාව යනු අප රටේ වසර 200කට වැඩි උරුමයක් ඇති අපේ ම රටේ ජනතාව බවත් වතු ජනතාව වෙනුවෙන් රණසිංහ ප්‍රේමදාස මහතා පුරවැසිභාවය ලබා දීමේ කාර්යයේ දී විශාල වැඩකොටසක් ඉටු කළ බවත් පැවසූ විපක්ෂ නායකවරයා පුරවැසිභාවය ගැන කතා කරන විට ඉඩමක් නැති නිවසක් නැති පුරවැසිභාවයකින් වැඩක් නැති බවත් අප රටේ පුරවැසියන්ට තමන්ගේම කියා ඉඩමක සහ නිවසක ජීවත්වීමේ අයිතිය තිබිය යුතු බවත් එය මූලික අයිතියක් බවත් සඳහන් කළේය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් පරිච්ඡේදයේ දේශපාලන හා සිවිල් අයිතිවාසිකම් පමණක් ඇති බව පෙන්වා දුන් ඒ මහතා අප රටේත් දකුණු අප්‍රිකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මෙන් සිවිල් හා දේශපාලන අයිතිවාසිකම්වලට අමතර ව ආර්ථික, සමාජීය, සංස්කෘතික, ජීවනෝපාය, සෞඛ්‍ය, අධ්‍යාපනය හා නිවසක් හිමිකර ගැනීමේ අයිතිය ද ඇතුළත් කළ යුතු බවයි අවධාරණය කළේ.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව පැවසුවේ සක්වල සුහුරු පන්ති කාමර ලබා දීමේ වැඩසටහනේ 353 වැනි අදියර යටතේ මහනුවර මහනුවර ගඟවටකෝරළේ විවේකානන්ද විද්‍යාලය රුපියල් 1,177,000ක් සුහුරු පන්ති කාමර උපකරණ සහ ශබ්දකෝෂ රැසක් පරිත්‍යාග කිරීමේ අවස්ථාවට එක්වෙමිනි. මෙහි දී ඒ මහතා පාසල් සංවර්ධන ගිණුමට රු. ලක්ෂයක මුදලක් පරිත්‍යාග කළේය.

මේ වැඩසටහනත් සමඟ විපක්ෂ නායකවරයා මාසයකටත් අඩු කාලයක් තුළ දිවයින පුරා විවිධ ප්‍රදේශවල පාසල් 100කට සුහුරු පන්ති කාමර 100ක් පරිත්‍යාග කර තිබීම සුවිශේෂී වේ.

සමගි ජන බලවේගය විසින් ක්‍රියාත්මක කරන හුස්ම වැඩසටහන යටතේ මේ වන විට රෝහල් 63කට රුපියල් ලක්ෂ 1906ක් වටිනා ඖෂධ සහ රෝහල් උපකරණ පරිත්‍යාග කර ඇත. සක්වල බස් රථ වැඩසටහන යටතේ පාසල් 89ක් සඳහා රුපියල් ලක්ෂ 50ක් වටිනා බස් රථ 89ක් ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 4342ක් ද සක්වල තොරතුරු තාක්ෂණ වැඩසටහන යටතේ පාසල් 353ක් සඳහා සුහුරු පන්ති කාමර උපකරණ ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 3920ක් වැය කර තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු අමාත්‍යවරයෙකු වූ ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වෙයි!

සටහන - පුලී ජූනි 30, කොළඹ (LNW): කොළඹ පෞද්ගලික රෝහලක...

පලස්තීනයේ නිදහස පතා යුද විරෝධී පාගමනක් කොළඹදී! (PHOTO STORY)

කොළඹ LNW:පලස්තීනයේ නිදහස් වෙනුවෙන් අදත් (30) කොළඹදී විරෝධතාවක් පැවැත්විය.පලස්තීන...

කොළඹ කොටස් වෙළෙඳපොළ නව වාර්තාවක් තබයි!

රෂිකා හෙන්නායක ජූනි 30, කොළඹ LNW : අද (30) දින...

යුරෝපයේ පවතින උෂ්ණාධික කාලගුණික තත්වය හේතුවෙන් අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කෙරේ

සටහන: සශිකලා මධුෂාණිජුනි 30; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපයට බලපා ඇති...