මිරිහාන උද්ඝෝෂණයේදී අත්අඩංගුවට පත්වූවන්ට ජනතා නීතිඥයින්ගේ සහය!

0
1296

ඊයේ රාත්‍රියේ සිට අද අලුයම දක්වා මිරිහාන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිවස ඉදිරිපිට පැවති විරෝධතාව අතරතුර අත්අඩංගුවට පත්ව සිටින 45 දෙනා වෙනුවෙන් නීතිඥ සහය ලබා දීමට ජනතා නීතිඥයෝ සංවිධානය තීරණය කර තිබේ.

එම විරෝධතාවේදී ජනතාව පැවසුවේ මේ වන විට ජනතාවට විඳීමට සිදුව ඇති දුක පිළිබඳව වන අතර එයට ප්‍රතිචාර වශයෙන් එම ජනතාව අත්අඩංගුවට ගැනීම, ජල ප්‍රහාර එල්ල කිරීම,කඳුළු ගෑස් ගැසීම සිදුකර තිබෙන නමුත් ජනතාව ඉතා සාධාරණ ඉල්ලීම් සිදුකළ බව එම සංවිධානයේ කැඳවුම්කරු නීතිඥ සේනක පෙරේරා මහතා පවසයි.

මෙලෙස ජනතාව උද්ඝෝෂණය සඳහා පෙළඹුණේ විඳීමට සිදුව තිබෙන පීඩාව දරාගත නොහැකි තත්ත්වයකට පත්ව තිබෙන නිසා බවද ඔහු සඳහන් කරයි.

ඒ අනුව ජනතාවාදී කාරණා වෙනුවෙන් ඉදිරිපත්වෙන අය මෙලෙස අගතියට පත්කරන්නේ නම් ජනතා නීතිඥයෝ සංවිධානය ලෙස ඒවාට මැදිහත්වීමට තීරණය කර ඇති බවයි සේනක පෙරේරා මහතා වැඩිදුරටත් පවසන්නේ.

ASK

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here