රුහුණු කතරගම මහා දේවාලයේ රන් දොරටුව විවෘත වූ දා!(PHOTOS)

කතරගම මැණික් ගගේ ඉදිකල ලංකාවේ ප්‍රථම ස්වාභාවික ජල පා සෝදන පිවිසුම් මාර්ග හිටපු ජනාධිපති මහින්ද රාජක්ෂ, කතානායක මහින්ද යාපා අබේවර්ධන, ජනාධිපති කර්‍ය ප්‍රධානි සාගල රත්නායක ප්‍රමුඛ රජයේ මැති ඇමති වරැන් රැසකගේ ප්‍රධානත්වයෙන් විවෘත විය.

ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ ඇසළ මංගල්‍යයට සමගාමීව මෙම ජල පා සෝදනය විවෘත කල අතර මේ සදහා රුපියල් මිලියන 50 ක වියදමක් දරා ඇති අතර, මැණික් ගගේ අංක 02 පාළම අසල මෙම ප්‍රාකාරය ඉදිකර ඇති අතර අතීතයේ බැතිමතුන් කතරගම දේවාලය වන්දනා කිරිමට පැමිණිමට පෙර මැණික් ගගට බැස දිය නා ගෙන හෝ පා දෝවනය කර දෙහි ගා පිරිසිදු පැමිණි තිබේ.

හිංදු, ⁣⁣බෞද්ධ, බැතිමතුන් ගේ පව් කුණු සෝදා හරින මැණික් ගග ඉන්දියාවේ ගංගානම් නදිය මෙන්ම ලංකිිීය බැතිමතුන් ගේ ශූද්ධ වු නදියකි. නමුණු කුළ කදු වැටියෙන් ආරම්භ වී යාල වන උද්‍යානයෙන් මුහුදු ට ගලා බැස ගග නිමාවට පත්වේ. මෙම අපූරු ප්‍රාකාරය ඉදිකරන ලද නිර්මාතෘ වන්නේ වත්මන් බස්නායක නිළමේ ඩිෂාන් ගුණසේකර මහතායි.

මෙම ජල ප්‍රාකාරය විවෘත කිරිමේ අවස්ථාව සදහා රුහුණු මාගම් පත්තුවේ ප්‍රධාන අධිකරණ සංඝනායක කතරගම ශ්‍රී අභිණවරාම විහාරාධිපති ශ්‍රස්ත්‍රපති කපු ගම සරණතිස්ස හිමියන් , රුහුණු මාගම් පත්තුවේ ප්‍රධාන සංඝනායක ශ්‍රස්ත්‍රපති කිරිවෙහෙර විහාරාධිපති රාජකීය පණ්ඩිත කොබවක ධම්මින්ද හිමියන් , තිස්සමහාරාම රාජමහා විහාරාධිපති ආචාර්ය දේවාලයේගම ධම්මසේන හිමියන් මෙම අවස්ථාව ට එක් වී ආගමික වතාවත් සිදු කරන ලදී .

මේ දින මෙම ප්‍රාකාරය විවෘත කිරිමේ අවස්ථාව සදහා වාරිමාර්ග රාජ්‍ය අමාත්‍ය ශෂින්ද්‍ර රාජපක්ෂ , සංස්කෘතික අමාත්‍ය විදුර වික්‍රමනායක , ගුවන් හමුදා පති එයා මාෂල් උදේනි රාජපක්ෂ මහතා , මොණරාගල දිස්ත්‍රික්කයේ ලේකම් පසන් රත්නායක , බෞද්ධ කටයුතු කොමසාරිස් රත්නායක මහතා ද එක්විය.

මෙම පා සෝදන ප්‍රාකාරය ලංකිකයින්ට මෙන්ම විදේශිකයින් ගෙත් සිත්ගන්නා ස්ථානයක් බවට පත් ව ඇති අතර, මෙම අවස්ථාව සදහා කතරගම පෙරහැරට එක් වු දේශීය නැටුම් කණ්ඩායම් සංස්කෘතික අංග ද මැණික් ගගේ එක්කර තිබුණි , ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ශ්‍රම සහයෝගයෙන් මෙම ප්‍රාකාරය කර ඇති බව සඳහන් වේ.

https://www.readphotos.com/photo-stories/680/Grand%20opening%20of%20Golden%20Gate%20of%20Ruhunu%20Katharagama%20Maha%20Devalaya

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මිනිස්සු දැන් කාලා බීලා ඇවිදලා කියලා නිදහසේ සැනසිල්ලේ ඉන්නවා – ඇමති හේවගේ

සටහන - රුවන් නෙළුගොල්ල ජාතික ජන බලවේගයේ පාලනය තුළ ජනතාව...

අරවින්ද ද සිල්වාගේ සහ බිරිඳගේ මිලියන 40ක ඇප මුදල රාජසන්තක කරයි

සටහන - රුවන් නෙළුගොල්ල ප්‍රශ්නගත එයාර්බස් ගනුදෙනුවට අදාළව ශ්‍රී ලංකන්...

ඉන්ධන මිල වැඩි කරයි !

සටහන - රුවන් නෙළුගොල්ල ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින්...

වසර 20කට පසු Madonna නැවත VMAs වේදිකාවේ! Taylor Swift ඉතිහාසගත වෙද්දී LISAත් සම්මානයක් අරන් යයි!

සටහන : පුලී සැප්තැම්බර් 30, LNW (කොළඹ); Pop සංගීතයේ පරම්පරා...