මහින්ද සහ බැසිල්ගේ ප්‍රධානත්වයෙන් පොහොට්ටුවේ විශේෂ හමුවක් – ජනාධිපති අපේක්ෂකයා තවමත් අතරමඟ?

Date:

කොළඹ LNW: ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ එහි නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (23) රැස්වීමක් කැඳවා තිබුණි.

ඊට පොහොට්ටුවේ මන්ත්‍රීවරු මෙන්ම ආණ්ඩුව නියෝජනය කරන ඇමතිවරු,රාජ්‍ය ඇමැතිවරුද සහභාගී වී සිටියේය.

එම රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසුවේ ඉදිරි ජනාධිපතිවරණයේ පොහොට්ටුවේ ජයග්‍රහණය ඉහළින්ම තිබෙන බවයි.

අද දිනද සාකච්ජා අකර ඇත්තේ මෙම මැතිවරණය සම්බන්ධයෙන් වන අතර ඉදිරියේදී අපේක්ෂකයා නම් කිරීමට නියමිත බවයි රාජපක්ෂ මහතා පැවසුවේ.

කෙසේවෙතත් තවමත් අපේක්ෂකයා ගැන තීන්දුවක් ගෙන නොමැති බවද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.

ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස නාමල් රාජපක්ෂ මහතා නම් කිරීමේ සූදානමක් පවතින්නේද යන්න මාධ්‍යවේදීන් කළ විමසීමට පිළිතුරු දෙමින් මහින්ද රාජපක්ෂ මහතා පැවසුවේ ඒ ගැන නාමල්ගෙන්ම විමසා බලන ලෙසයි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

‘ඉරානයේ උත්තරීතර නායකයාට සදාම් හුසේන්ට සමාන ඉරණමකට මුහුණ දීමට සිදුවනු ඇත’ – කැට්ස්

සටහන: සශිකලා මධුෂාණිජුනි 17; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානයේ උත්තරීතර නායක...

“ග්‍රේටා තුන්බර්ග්” සහ ඇගේ සෙසු ක්‍රියාකාරීන් ජාත්‍යන්තර මුහුදේදී ඊශ්‍රායල බලධාරීන්ගේ පැහැරගැනීමකට නතු වූ බවට චෝදනා!

සටහන – පුලීජූනි 17, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඊශ්‍රායලයෙන් පිටුවහල් කිරීමෙන්...