තොරතුරු තාක්ෂණ විෂයය සහ සෞන්දර්ය විෂයන් ඉවත් කිරීම අමනෝඥ ක්‍රියාවක්. මෙය වහාම නතර කරන්න – විපක්ෂ නායක සජිත් (VIDEO)

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

2006 වසරේ සාමාන්‍ය පෙළ විෂය මාලාවට සම්බන්ධ කළ තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ විෂය යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණයේදී විභාග දෙපාර්තමේන්තුවෙන් ඇගයීම් කරනු ලබන ප්‍රධාන විෂයන් 7 සඳහා ඉදිරිපත් කර නැති බවත් ශ්‍රී ලංකාව ඩිජිටල් ශ්‍රී ලංකාවක් සිදු කිරීම සඳහා කටයුතු කරන මොහොතක මෙවැනි අමනෝඥ තීන්දු තීරණ නොගත යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණයට අනුව තොරතුරු සහ සන්නිවේදන විෂයය තෝරාගන්නා සිසුන්ගේ ඇගයීම් කටයුතු ඇගයීම් මණ්ඩල හරහා පමණක් සිදුකරන බවත් එය සාමාන්‍ය පෙළ විභාග සහතිකයට ඇතුළත් නොකිරීමට තීන්දු කර ඇති බවත් සජිත් ප්‍රේමදාස මහතා කීය.

පරිවර්තනාත්මක තාක්ෂණික යුගයක් ක්‍රියාත්මක වන මොහොතක තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ විෂය සාමාන්‍ය පෙළ විෂය මාලාවට අනිවාර්යයෙන්ම ඇතුළත් කළ යුතු බවයි විපක්ෂ නායකවරයා සඳහන් කළේ.

එමෙන්ම සෞන්දර්ය විෂයය සංවේදී ශිෂ්‍යයෙකු බිහි කිරීමට ඉවහල්වන විෂයක් බවත් එම විෂයත් ඉවත් කිරීමට කටයුතු කර ඇති බවත් සෞන්දර්ය විෂයය සුන්දර පුරවැසියා , සුන්දර තාරුණ්‍ය නිර්මාණය කිරීමට ඉවහල්වන හෙයින් මෙම විෂයන් ඉවත් කිරීම පිළිබඳව රජය නැවත අවදානය යොමු කළ යුතු බවත් මෙම අමනෝඥ ක්‍රියාව ක්‍රියාත්මක කිරීම නතර කරන ලෙස ඉල්ලා සිටින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවැසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව පැවසුවේ අද (23) පාර්ලිමේන්තුව අමතමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොයි අතට පෙරළෙයිද? සනත් – මාලිංග කල්පනාවෙන්

සටහන – නිශ්මං රණසිංහ  අගෝස්තු 21, කොළඹ LNW: සිම්බාබ්වේ සංචාරය...

රටට බරක් නොවන ක්‍රිකට් කරන වැඩ ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් ගමන් මඟ වැඩ සටහනේ දී සුජීව පෙන්වා දෙයි.

සටහන – නිශ්මං රණසිංහ  අගෝස්තු 21, කොළඹ LNW:“ශ්‍රී ලංකා ක්‍රිකට්...

ඉන්දියාව න්‍යෂ්ටික හැකියාව ඇති මිසයිලයක් සාර්ථකව අත්හදා බලයි

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 21: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දියාව සිය හමුදා...

මහමොළකාරයා කවුද කියලා හැම ආණ්ඩුවකම අය දන්නවා. කාටවත් ඒක එළියේ කියන බැරිකම තමා තියෙන්නේ – මෛත්‍රී

සටහන - රුවන් නෙළුගොල්ල පාස්කු ප්‍රහාරයේ මහමොළකරු කවුද යන්න පිළිබඳව...