පළාත් 9ට ජාත්‍යන්තර මට්ටමේ ගුණාත්මකභාවයෙන් ඉහළ හෙද පුහුණු මධ්‍යස්ථාන 9ක් – සජිත්ගෙන් පොරොන්දුවක් (VIDEO)

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

රටක මානව ප්‍රග්ධනය වර්ධනය කළ හැකි හොඳම වැඩපිළිවෙළ වන්නේ ගමේ නගරයේ පාසල ශක්තිමත් කිරීම බවත් දූදරුවන්ට ගුණාත්මක භාවයෙන් යුත් ජාත්‍යන්තර මට්ටමේ අධ්‍යාපනයක් ලබා දීම තුළින් සුහුරු පුරවැසියන් බිහි කළ හැකි බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

සුහුරු පුරවැසියන් සිටින රටක විශාල මානව ප්‍රාග්ධනය තුළින් ආර්ථික වර්ධනයට විශාල දායකත්වයක් ලබා ගත හැකි බවයි ඒ මහතා පෙන්වා දුන්නේ.

අප රටට ගෘහ සේවයේ සිටින අය විශාල කැපකිරීමක් කරමින් විදේශ ප්‍රේෂණ ලබා දෙන නමුත් Health care giver වෘත්තීය යටතේ විශාල මුදලක් ඉපයිය හැකි නිසා ආරම්භයක් ලෙස පළාත් 9 ට රාජ්‍ය පෞද්ගලික ඒකාබද්ධ ව්‍යාපෘති හරහා උගත් දැරියන් හෙදියන් බවට පත් කිරීමේ ජාත්‍යන්තර මට්ටමේ පුහුණු මධ්‍යස්ථාන 9ක් ආරම්භ කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේය.

ඒ වැඩපිළිවෙළ තුළ නිපුණතාව කුසලතාව මත කේන්ද්‍ර ගත වූ විශාල රැකියා ප්‍රමාණයක් අප රටට ලැබෙන බවත් පිලිපිනයේ ඒ කටයුත්ත ඉතා හොදින් සිදුවන නිසා අප ද ඒ පියවරට යා යුතු බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව පැවසුවේ සක්වල සුහුරු පන්ති කාමර ලබා දීමේ වැඩසටහනේ 361 වැනි අදියර යටතේ ගම්පහ ජාඇල කඳාන නාගොඩ ශාන්ත ජෝන් බැප්ටිස්ට් මහා විද්‍යාලයට රුපියල් 1,177,000ක් සුහුරු පන්ති කාමර උපකරණ සහ ශබ්දකෝෂ රැසක් පරිත්‍යාග කිරීමේ අවස්ථාවට එක්වෙමිනි. මෙහි දී ඒ මහතා පාසල් සංවර්ධන ගිණුමට රු. ලක්ෂයක මුදලක් පරිත්‍යාග කළේය.

සමගි ජන බලවේගය විසින් ක්‍රියාත්මක කරන හුස්ම වැඩසටහන යටතේ මේ වන විට රෝහල් 63කට රුපියල් ලක්ෂ 1906ක් වටිනා ඖෂධ සහ රෝහල් උපකරණ පරිත්‍යාග කර ඇත. සක්වල බස් රථ වැඩසටහන යටතේ පාසල් 89ක් සඳහා රුපියල් ලක්ෂ 50ක් වටිනා බස් රථ 89ක් ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 4342ක් ද සක්වල තොරතුරු තාක්ෂණ වැඩසටහන යටතේ පාසල් 361ක් සඳහා සුහුරු පන්ති කාමර උපකරණ ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 4016ක් වැය කර තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

‘ඉරානයේ උත්තරීතර නායකයාට සදාම් හුසේන්ට සමාන ඉරණමකට මුහුණ දීමට සිදුවනු ඇත’ – කැට්ස්

සටහන: සශිකලා මධුෂාණිජුනි 17; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානයේ උත්තරීතර නායක...

“ග්‍රේටා තුන්බර්ග්” සහ ඇගේ සෙසු ක්‍රියාකාරීන් ජාත්‍යන්තර මුහුදේදී ඊශ්‍රායල බලධාරීන්ගේ පැහැරගැනීමකට නතු වූ බවට චෝදනා!

සටහන – පුලීජූනි 17, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඊශ්‍රායලයෙන් පිටුවහල් කිරීමෙන්...