කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ගින්නක්

රෂිකා හෙන්නායක ජූලි 24, කොළඹ (LNW):

කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ගින්නක් හටගෙන ඇති අතර, මහල් හයකින් සමන්විත අදාළ ගොඩනැගිල්ලේ බිම් මහලේ විදුලි පද්ධතිය සම්බන්ධ ස්ථානයෙන් ගින්න හටගෙන ඇති බව කළුතර දකුණ පොලීසිය පවසයි.

කළුතර මහ නගර සභාවේ ගිනිනිවන රථ දෙකක් යොදා ගනිමින් ගින්න පාලනය කිරීමට උත්සහ ගෙන ඇත. මේ වනවිට ගොඩනැගිල්ලේ සිටි නිලධාරින් සහ සේවකයින් ඉවත්කර ඇත.

මෙම ගින්න විදුලි කාන්දුවක් නිසා හටගෙන ඇති බවට මේ වනවිට තහවුරු කරගෙන ඇති අතර ,බිම් මහලින් හටගත් ගින්න මේ වන විට පාලනය කිරීමට කළුතර නගර සභාවේ ගිනි ඒකකය සමත් වී ඇත. ගින්න පාලනය කිරීම සඳහා ගිය ගිනිනිවන හමුදා භටයෙකු හුස්ම හිරවීම හේතුවෙන් මේ වනවිට රෝහල් ගතකර ඇති බවටද තොරතුරු වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉතිහාසයේ අද වන් දිනෙක – ඉන්දිරා ගාන්ධි ඝාතනය: ඉන්දියාවම කම්පනයට පත් කළ ඛේදවාචකය

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31 : 1984 ඔක්තෝබර්...

බ්‍රිතාන්‍යයේ සිදුකළ වහල් වෙළෙඳාම වෙනුවෙන් නිල සමාවක් ඉල්ලීමට තමා සූදානම් බව බ්‍රිතාන්‍ය අගමැතිවරයා කියයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: බ්‍රිතාන්‍යය විසින් අතීතයේ...

රුසියානු විදේශ අමාත්‍යවරයාගේ සහභාගීත්වය හේතුවෙන් G20 සමුළුවේ සාම්ප්‍රදායික සමූහ ඡායාරූපය අවලංගු කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: රුසියානු විදේශ අමාත්‍ය...