මහජන ආරක්ෂාව සඳහා රට පුරා සන්නද්ධ හමුදා කැඳවීමට ආඥාවක් නිකුත් කර‍යි!

රෂිකා හෙන්නායක ජූලි 24, කොළඹ (LNW):

ජනාධිපතිවරයා විසින්, මහජන ආරක්ෂාව සඳහා රට පුරා සන්නද්ධ හමුදා කැඳවීමට ආඥාවක් නිකුත් කර ඇතැයි නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතා අද (24) පාර්ලිමේන්තුවේදී පැවසීය.

ජනාධිපතිවරයා මෙම පත්කිරීම කර ඇත්තේ හතළිස් වැනි අධිකාරියවූ මහජන ආරක්ෂක පනතේ දොළොස් වැනි වගන්තියෙන් ඔහුට පැවරී ඇති බලතල අනුව බව පැවසේ.