නේපාලයේ ගුවන් යානයක් කඩා වැටීමෙන් 18ක් මරුට.දිවි ගලවා ගෙන ඇත්තේ ගුවන් නියමුවා පමණයි!

කොළඹ LNW:නේපාලයේ කත්මන්ඩු නුවර ත්‍රිභුවන් ජාත්‍යන්තර ගුවන් තොටුපොළෙන් ගුවන් යානයක් ගුවන් ගතවීමේදී කඩ වැටීම නිසා සිදුවූ අනතුරෙන් එහි ගමන්ගත් 19 දෙනාගෙන් 18 දෙනෙකුම මියගොස් ඇති අතර දිවිගලවා ගෙන ඇත්තේ ගුවන් නියමුවා පමණක් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

සංචාරක කලාපයක් වන පොඛරා වෙත යාමට ගුවන් ගතවීමේදීයි මෙම අවාසනාවන්ත සිදුවීම සිදුව ඇත්තේ.

ගුවන් යානය ධාවන පථයෙන් ලිස්සා ගොස් ටික වේලාවකින් ගිනි ගෙන ඇති බව සඳහන්.

නේපාලයේ ගුවන් සේවා අංශය මෑතක සිට වර්ධනය වී ඇතත්, දුර්වල ආරක්‍ෂිත ප්‍රමිතීන්, ප්‍රමාණවත් පුහුණුවක් නොමැතිකම සහ නඩත්තු ගැටලු නිසා මෙම අනතුර සිදුව ඇති බවටයි විශ්වාසය පළකරන්නේ.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රඛිතගේ සහ චරිත්ගේ ඇප අවලංගු කිරීමේ පෙත්සම විභාගයට දින නියම වෙයි!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු ලෙස සැලකෙන නඳුන් චින්තක වික්‍රමරත්න...

ජනක මහබෙල්ලනගේ ‘සංගායනා’: මිනිස් විජිතයක ක්ෂූද්‍ර සමාධිය

නාඳුනන්නකුගේ පිටුපස මිතුරෙකු සිටිය හැකිය. බැලූ බැල්මට පෙනෙන්නේ නාඳුනන්නා...

කොබෙයිගනේ පොලිස් ස්ථානයේදී සැකකරුවෙකු මියයාම: පොලිසියේ තිදෙනෙකුගේ වැඩ තහනම්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 30, කොළඹ LNW : කොබෙයිගනේ පොලිස් ස්ථානයේ...