මැතිවරණ ප්‍රතිපත්ති සම්පාදනය ගැන පැෆ්රල් හා සමඟිය අතර සාකච්ජාවක්!

කොළඹ LNW:වගවීම සහතික කරන ප්‍රායෝගික සහ යථාර්ථවාදී මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශන සම්පාදනය කිරීම සඳහා දේශපාලන පක්ෂ සහ නායකයින් සමග සිදු කරන සාකච්ඡාවේ තෙවන අදියර ඊයේ (24) සමගි ජන බලවේගය සමගින් පැවැත්විණි.

ඉදිරි මැතිවරණ වලදී දේශපාලන පක්ෂ හා අපේක්ෂකයින් විසින් ඉදිරිපත් කරනු ලබන ප්‍රතිපත්ති ප්‍රකාශන ප්‍රායෝගික හා ක්‍රියාත්මක කල හැකි ප්‍රතිපත්ති ප්‍රකාශන වශයෙන් සකස් කිරීමේදී සැලකිල්ලට ගැනීම වෙනුවෙන් පැෆ්රල් සංවිධානය විසින් සකස් කර ඇති දළ සැලැස්ම මෙහිදී සමගි ජනබලවේගයට පිරිනැමුණු අතර සමගි ජනබලවේගයේ නියෝජිතයින් පෙන්වාදුන්නේ සිය පක්ෂය විසින් ඉදිරි ප්‍රතිපත්ති ප්‍රකාශන සකස් කිරීමේදී පැෆ්රල් සංවිධානයේ යෝජනාවලියද සැලකිල්ලට ගන්නා බවයි.

එමෙන්ම පසුගිය 2019 වසරේදී පැවැත්වූ පරිද්දෙන්ම මාර්තු 12 ව්‍යාපාරය විසින් පැවැත්වීමට සැලසුම් කර ඇති ජනාධිපතිවරණ අපේක්ෂකයින්ගේ විවාදය සම්බන්ධයෙන්ද එහිදී සාකච්ඡාවට ගැනිණ.

සමගි ජන බලවේගය වෙනුවෙන් එහි ජාතික සංවිධායක පා.ම තිස්ස අත්තනායක, පා.ම ඉරාන් වික්‍රමරත්න හා පා.ම ආචාර්ය හර්ෂ ද සිල්වා යන මහත්වරුන්ද පැෆ්රල් සංවිධානය වෙනුවෙන් සම සභාපතිනි ක්‍රිස්ටෝබල් සවරිමුත්තු, උප සභාපති කේ.එන් ඩීන් හා විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි,සහකාර අධ්‍යක්ෂ වසන්ත ගෝමස් යන මහත්ම මහත්මීන්ද එම සාකච්ඡාවට එක්විය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මැලේසියානු ස්කොෂ් ක්‍රීඩකයන් 2028 ඔලිම්පික් වරම් දිනයි

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 27, කොළඹ LNW : 2026 ආසියානු...

මහපොළොවේ යථාර්ථය පෙන්නුම් කරන්නේ වෙනස්ම අඳුරු කතාවකි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 27, කොළඹ LNW : ඉතියෝපියාව නැවතත් පූර්ණ...

‘ලෝකයට ඔලිව් බෙදන සුන්දර ටියුනීසියාව’ – රටක් ගැන කෙටියෙන්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 27: අප්‍රිකානු මහද්වීපයේ උතුරු...

පෞද්ගලික වෛරයක් නෑ, යුක්තිය ඉටුකිරීම තමයි එකම බලාපොරොත්තුව – ජනපති අනුර

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 28, කොළඹ LNW : දූෂිත පුද්ගලයන්ට දඬුවම්...