ග්‍රෑන්ඩ්පාස් වෙඩිතැබීම : තුවාල ලැබූ කාන්තාවත් මරුට !

සටහන – රුවන් නෙළුගොල්ල

කොළඹ, ග්‍රෑන්ඩ්පාස්, වදුල්ලවත්ත ප්‍රදේශයේදී ඊයේ (25) සවස සිදුවූ වෙඩිතැබීමෙන් බරපතළ තුවාල ලබා සිටි කාන්තාවත් මරණයට පත්ව තිබේ.

ඇය කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අද (26) අළුයම මියගොස් ඇති බව සඳහන්.

මෙම සිද්ධියේදී වෙඩි ප්‍රහාරයට ලක්වූ 31 හැවිරිදි තරුණයකු ඊයේ රාත්‍රියේම මියගොස් තිබිණි.

ඔවුන් දෙදෙනා ත්‍රීරෝද රථයකින් ගමන් කරමින් සිටියදී වදුල්ලවත්ත පුරදර සෙවන මහල් නිවාස සංකීර්ණය ඉදිරිපිටදී වෙඩි ප්‍රහාරයට ලක්ව තිබුණු අතර යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් රිවෝල්වර් ගිනිඅවියකින් වෙඩි ප්‍රහාරය එල්ල කර ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සුව සේවාව අලුත් වෙයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 01, කොළඹ LNW: ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අංශය...

ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ලන්ඩන් කවි 6වන වෙළුම 2026 නොවැම්බර් කලාපය නිබ්බුතා නූන සා මාතා,...

පොහොට්ටුවේ ගමින් ගමට රැස්වීම් හෙට කොළඹින් ඇරඹේ!

කොළඹ LNW:ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී...

හම්බන්තොට වරායේදී අකුණු සැර වැදීමෙන් වාහන 11කට හානි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 01, කොළඹ LNW: හම්බන්තොට වරාය පරිශ්‍රයේ පිහිටි...