මාරාන්තික Gaemi ටයිෆූන් කුණාටුව චීනයට පහර දේ; ගංවතුර අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් කෙරේ

සටහන: සශිකලා මධුෂාණි,

ජුනි 26, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ) : Gaemi තායිවානයේ මාරාන්තික විනාශයක් ඇති කරමින් අගනුවරවල් ජලයෙන් යට කර පුද්ගලයන් 22නෙකුට මාරු කැඳවමින් 380 දෙනෙකු තුවාල ඇති කරමින් පසුගිය දින කීපයේ බලවත් වූ ටයිෆුන් කුණාටුව මේ වන විට චීනයේ ගිනිකොන දෙසට ළඟා වී ඇති බව වාර්තා වේ.

මෙය බටහිර පැසිෆික් සාගරයේ බලවත්වූ දරුණුතම සුළි කුණාටුව වශයෙන් හඳුනා ගන්නා අතර පැයට කිලෝමීටර් 227 (පැයට සැතපුම් 141) දක්වා වේගයෙන් කුණාටුව ෆුජියන් පළාතට ඇතුළු වී ඇත.

ෆුජියන් හි 240,800ක පමන පිරිසක් මේ වන විට අරක්ෂිතමය ස්ථාන වලට ඉවත් කර ඇති අතර ඉදිරි පළාත් 10 ක දැඩි වර්ෂාපතනයක් මුදා හරිනු ඇතැයි පුරෝකථනය කර ඇති අතර හදිසි ගංවතුර සහ ජලයෙන් යටවීම පිළිබඳ අනතුරු ඇඟවීම් නිවේදන ද නිකුත්කර තිබේ.