ට්‍රැක්ටරයට අකරතැබ්බයක් : ඇප තැන්පත් කරන්න ආ බත්තරමුල්ලේ සීලරතන හිමිට සල්ලි අමතක වෙලා !

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

ජනසෙත පෙරමුණේ ලේකම් බත්තරමුල්ලේ සීලරතන හිමි ඊයේ (26) දිනයේදී ජනාධිපතිවරණ අපේක්ෂකත්වය වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කිරීමට රාජගිරියේ මැතිවරණ මහලේකම් කාර්යාලයට පැමිණ තිබුණු නමුත් එහිමියන්ට ඇප මුදල් තැන්පත් කිරීමට නොහැකි වී තිබේ.

ඒ, ඇපය තැන්පත් කිරීම සඳහා අවශ්‍ය මුදල් රැගෙන නොපැමිණීම හේතුවෙනි.

“නොවැළැක්විය හැකි හේතුවක් මත මට අද ඇප මුදල් බඳින්න බැරිවුණා. මොකද මගේ මුදල් පසුම්බිය බත්තරමුල්ලේ දාලා ඇවිල්ලා. ඒ නිසා සඳුදා අපි 10.30 ට පැමිණිලා ඇප මුදල් බඳිනවා මෙවර ජනාධිපතිවරණයට”

රට හදන්නට ඉදිරිපත්ව සිටින ඇතැම් දේශපාලන පක්ෂවලට කිසිදු ආර්ථික දැක්මක් නොමැති නමුත් ජනසෙත පෙරමුණට ආර්ථිකය සම්බන්ධ දැක්මක් ඇති බව පැවසූ එහිමියන් ආර්ථිකය සම්බන්ධයෙන් ඕනෑම දේශපාලන පක්ෂයක නායකයකු සමග ප්‍රසිද්ධ සංවාදයකට තමන් ඉදිරිපත් වන බවත් සඳහන් කළේය.

බත්තරමුල්ලේ සීලරතන හිමි පසුගිය ජනාධිපතිවරණ කිහිපයකටම ට්‍රැක්ටරය ලකුණින් ඉදිරිපත් වූ අපේක්ෂකයෙකි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඕස්ට්‍රේලියාව සහ ජපානය යුද නැව් සඳහා විශාලතම ආරක්ෂක ගිවිසුමකට!

රෂිකා හෙන්නායක අගෝස්තු 05, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඕස්ට්‍රේලියාව සහ ජපානය...

කීර්ති බණ්ඩාරපුර පොලිසියේ ට්‍රැෆික් OIC අත්අඩංගුවට?

අල්ලස් ලබා ගැනිමට යෑමේදි, කීර්ති බණ්ඩාරපුර පොලිසියේ ට්‍රැෆික් OIC...

පිලිපීනයට චීන නාවික හමුදාවෙන් පිළිතුරු!

කොළඹ LNW:චීන මහජන විමුක්ති හමුදාවේ දකුණු විධානයේ නාවික බලවේගය...

වොෂින්ටනයේ විශාලම භාවනා වැඩසටහන 09 සෙනසුරාදා…!

අශෝක ජයතුංග අගෝස්තු 04 වොෂින්ටන් LNW : ලාංකික භික්ෂූන් විසින් ඇමෙරිකාව...