වෙනිසියුලාවේ මැතිවරණ ප්‍රථිපල වලට එරෙහිව රටපුරා විරෝධතා

සටහන: සශිකලා මධුෂාණි,
ජුනි 30, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ) : පසුගියදා පවත්වූ මැතිවරණයට අනුව 51%ක ජන්ද ප්‍රතිශතයක් ලබා ගනිමින් එරට හිටපු ජනාධිපති නිකොලස් මදුරෝ 2025-2031 කාලය සඳහා මැතිවරණයෙන් ජය ලැබූ බවට වෙනිසියුලානු ජාතික මැතිවරණ කවුන්සිලය (CNE) විසින් ඊයේ(29)දිනයේදී නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමත් සමඟ වෙනිසියුලානු ජනතාව එයට විරෝධය දක්වමින් රට පුරා විරෝධතා ව්‍යාපාර ආරම්භ කර ඇති බව වාර්තා වේ.

මෙවර මැතිවරණය ජන්ද මධ්‍යස්ථාන 30,000ක් තුළ ක්‍රියාත්මක වූ අතර විපක්ෂයේ අපේක්ෂක එඩ්මුන්ඩෝ ගොන්සාලෙස් මෙහිදී චෝදනා කර තිබුණේ, කිසිදු මධ්‍යස්ථානයකින් ජන්ද ප්‍රතිපල ලබා නොදුන් බවත් මෙම මැතිවරණය අතිශය දුෂිත මෙන්ම ජන්ද මංකොල්ල සිදු වූ මැතිවරණයක් බවයි.

කෙසේ නමුත් මැතිවරණ නිරීක්ෂකයින් සහ ලොව පුරා සිටින විදේශීය නායකයින් මැතිවරණය නැවත කැඳවන ලෙස ඉල්ලා ඇති අතර විරෝධතා මැඩපැවැත්වීමට නගරය පුරා පොලිසිය විශාල වශයෙන් යොදවා තිබූ අතර ජාතික ආරක්ෂක බළකායේ සාමාජිකයින් පෙළපාලිකරුවන් විසුරුවා හැරීමට කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කර තිබේ.

2013 දී ප්‍රථම වරට බලයට පත් වූ මදුරෝ, මිලියන සංඛ්‍යාත ජනතාවක් රට හැර යාමට තල්ලු කර ඇති ආර්ථික කඩාවැටීමකට නායකත්වය දී තිබේ. මේ වන විට එක්සත් ජනපදය, යුරෝපා සංගමය සහ වෙනත් අය විසින් පනවා ඇති සම්බාධක මධ්‍යයේ වෙනිසියුලාව ද ජාත්‍යන්තරව හුදකලා වී ඇති අතර එහි තෙල් කර්මාන්තයද බිඳවැටී තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉතිහාසයේ අද වන් දිනෙක – ඉන්දිරා ගාන්ධි ඝාතනය: ඉන්දියාවම කම්පනයට පත් කළ ඛේදවාචකය

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31 : 1984 ඔක්තෝබර්...

බ්‍රිතාන්‍යයේ සිදුකළ වහල් වෙළෙඳාම වෙනුවෙන් නිල සමාවක් ඉල්ලීමට තමා සූදානම් බව බ්‍රිතාන්‍ය අගමැතිවරයා කියයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: බ්‍රිතාන්‍යය විසින් අතීතයේ...

රුසියානු විදේශ අමාත්‍යවරයාගේ සහභාගීත්වය හේතුවෙන් G20 සමුළුවේ සාම්ප්‍රදායික සමූහ ඡායාරූපය අවලංගු කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: රුසියානු විදේශ අමාත්‍ය...