කෙහෙළියගේ පෙත්සමේ නියෝගයට දිනයක්!

රෂිකා හෙන්නායක ජූලි 30, කොළඹ (LNW):

මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය විසින් තමන්ව නඩු විභාගය අවසන් වන තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කළ නියෝගය බලරහිත කිරීමේ තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා විසින් ඉදිරිපත් කළ පෙත්සමේ නියෝගය අගෝස්තු මස 09 වනදා ප්‍රකාශයට පත්කරන බව අභියාචනාධිකරණය නිවේදනය කළේය.

ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා රක්ෂිත බන්ධනාගාරගත කර සිටින අතර, තමන්ව ඇප මත මුදාහරිණ ලෙස ඉල්ලා කෙහෙළිය රඹුක්වැල්ල මහතා විසින් ඉදිරිපත් කර තිබෙන අතුරු ඉල්ලීම පිළිබඳ නියෝගය ද එදින ප්‍රකාශයට පත්කරන බවත් අධිකරණය නිවේදනය කළේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ නව සභාපති සහ සාමාජිකයන් පත් කෙරේ!

කොළඹ LNW:ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ශ්‍රී ලංකා...

ඉන්දුනීසියාවේ ලැව්ගිනි දුමාරය හේතුවෙන් සැප්තැම්බර් මාසයේ පමණක් මියගිය සංඛ්‍යාව 3500 ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 30 ; ඉන්දුනීසියාවේ...

2027 ඩාකාර් රැළිය පෘතුගාලයේ සහ මොරොක්කෝවේ පැවැත්වීමට තීරණය කරයි

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 30, කොළඹ LNW : ඩකාර් රැලිය 2027:...

2026 ඡන්ද හිමි නාමලේඛනය : ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලත් සංඛ්‍යාව මි. 17.64යි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 30, කොළඹ LNW : ශ්‍රී ලංකා මැතිවරණ...