(VIDEO):පොහොට්ටුවේ තීරණය හරි. හැබැයි අපිට අභියෝගයක් නැහැ – තිස්ස

Date:

කොළඹ LNW:එක්සත් ජාතික පක්ෂයට සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සිදු වූ ඉරණම දෙස බලා එම ආදර්ශයන් මත ඔවුන් අපේක්ෂකයෙක් ඉදිරිපත් කිරීමට ගෙන තීරණය සමඟි ජන බලවේගයට අභියෝගයක් නොවන බව සමඟි ජන බලවේගයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පවසයි.

මෙලෙස අපේක්ෂකයන් ඉදිරිපත් වීම ප්‍රජාතන්ත්‍රවාදයේ ලක්ෂණයක් වන අතර පොහොට්ටු පාක්ෂිකයින් වෙනුවෙන් අපේක්ෂකයෙක් ඉදිරිපත් වීමද හොඳ දෙයක් බවයි අත්තනායක මහතා සඳහන් කරන්නේ.

වෙනත් පක්ෂයක් පසුපස ගියොත් ඔවුන්ගේ පක්ෂයට වෙන ඉරණම ගැන පොහොට්ටුව හොඳින් දන්නා හෙයින් මෙලෙස ඔවුන්ගේම අපේක්ෂකයෙක් දෙස අවධානය යොමුකර තිබෙන බව අත්තනායක මහතා වැඩිදුරටත් ප්‍රකාශ කරන ලදී.

තිස්ස අත්තනායක මහතා මෙම අදහස් දක්වා සිටියේ යටිනුවර ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වසන්ත මල්ලිගේ දවල් මිගෙල් රෑ දනියෙල් දයලෙක්තිකය ….

යමෙකු කොටස් වෙළඳපොල තුලදී යම් සමාගමක කොටස් මිලදීගන්නේ නම්...

නාවික හමුදාවේ හිටපු බුද්ධි ප්‍රධානියෙකු අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල නාවික හමුදාවේ හිටපු බුද්ධි අධ්‍යක්ෂවරයකු වන...

හේමසිරි සහ පූජිත්ගේ පාස්කු නඩුවට වෙන දේ!

කොළඹ LNW: පාස්කු ප්‍රහාරයට අදාළව හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි...