හමාස් නායකයාගේ ඝාතනය චීනය තරයේ හෙළා දකියි!

Date:

කොළඹ LNW:හමාස් සංවිධානයේ නායකයෙකු වන Ismail Haniyeh ගේ ඝාතනය චීනය තරයේ හෙළා දැක තිබේ.

ඉරානය, චීනය, ඇල්ජීරියාව සහ රුසියාව යන රටවල ඉල්ලීමකට අනුව, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය ඊයේ (31) පස්වරුවේ Ismail Haniyeh මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් හදිසි රැස්වීමක් පවත්වා ඇත.

එම ඝාතනය චීනය තරයේ හෙළා දකින බවත්, එය එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියේ මූලික මූලධර්මයක් වන සියලු රටවල ස්වෛරීභාවයට සහ භෞමික අඛණ්ඩතාවට ගරු කිරීම උල්ලංඝණය කිරීමක් බවත් එක්සත් ජාතීන්ගේ චීන නිත්‍ය නියෝජිත Fu Cong මහතා එම රැස්වීමේදී කියා සිටියේය.

ආරක්ෂක මණ්ඩලයේ අදාළ යෝජනා සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කරන ලෙසත්, ගාසා තීරයේ සියලුම හමුදා මෙහෙයුම් හා එහි ජනතාවට සාමූහික දඬුවම් පැනවීම වහාම නතර කරන ලෙසත් චීනය ඊශ්‍රායලයෙන් ඉල්ලා සිටින අතර ඒ සඳහා බලපෑමක් එල්ල කළහැකි රටවල්, අදාළ පාර්ශ්වවලට බලපෑම් කරමින්, ගාසා තීරයේ යුද්ධය මැඩපැවැත්වීමට උත්සාහ දැරිය යුතු බව ද Fu Cong මහතා අවධාරණය කරන ලදී.

දිනූෂි ධීරසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බලාපොරොත්තු ප්‍රතිපල නොලද හේතුව ගැන දසුන් අවබෝධයෙන් ද?

නිශ්මං රණසිංහ පෙබරවාරි 06, කොළඹ LNW: “මං දකින හැටියට නම්...

‘Iguana Cantina’ දෙස් විදෙස් සංචාරකයින් වෙනුවෙන්මයි: Aitken Spence අලුත් වැඩක්

රෂිකා හෙන්නායක පෙබරවාරි 06, කොළඹ LNW : Aitken Spence Hotels...

රටේ ආර්ථික ජයග්‍රහණ චෞර වළල්ලක් වටා ගොඩගැසී තිබු යුගය අවසන් – ජනපති මහනුවරදී කියයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:රටේ ආර්ථික ජයග්‍රහණ පවුල් කිහිපයක් සහ එම...

එප්ස්ටයින් සබඳතා සම්බන්ධයෙන් නෝර්වේ පොලිසිය හිටපු අගමැති Jagland  ගැන විමර්ශනය කරයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 06, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): නෝර්වේ රාජ්‍යයේ හිටපු...