හමාස් නායකයාගේ ඝාතනය චීනය තරයේ හෙළා දකියි!

Date:

කොළඹ LNW:හමාස් සංවිධානයේ නායකයෙකු වන Ismail Haniyeh ගේ ඝාතනය චීනය තරයේ හෙළා දැක තිබේ.

ඉරානය, චීනය, ඇල්ජීරියාව සහ රුසියාව යන රටවල ඉල්ලීමකට අනුව, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය ඊයේ (31) පස්වරුවේ Ismail Haniyeh මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් හදිසි රැස්වීමක් පවත්වා ඇත.

එම ඝාතනය චීනය තරයේ හෙළා දකින බවත්, එය එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියේ මූලික මූලධර්මයක් වන සියලු රටවල ස්වෛරීභාවයට සහ භෞමික අඛණ්ඩතාවට ගරු කිරීම උල්ලංඝණය කිරීමක් බවත් එක්සත් ජාතීන්ගේ චීන නිත්‍ය නියෝජිත Fu Cong මහතා එම රැස්වීමේදී කියා සිටියේය.

ආරක්ෂක මණ්ඩලයේ අදාළ යෝජනා සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කරන ලෙසත්, ගාසා තීරයේ සියලුම හමුදා මෙහෙයුම් හා එහි ජනතාවට සාමූහික දඬුවම් පැනවීම වහාම නතර කරන ලෙසත් චීනය ඊශ්‍රායලයෙන් ඉල්ලා සිටින අතර ඒ සඳහා බලපෑමක් එල්ල කළහැකි රටවල්, අදාළ පාර්ශ්වවලට බලපෑම් කරමින්, ගාසා තීරයේ යුද්ධය මැඩපැවැත්වීමට උත්සාහ දැරිය යුතු බව ද Fu Cong මහතා අවධාරණය කරන ලදී.

දිනූෂි ධීරසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මේ ව්‍යසනය ආර්ථිකයට දාරගන්න බෑ. ආධාර අත්‍යවශ්‍යයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:අයහපත් කාලගුණය හේතුවෙන් ඇතිවූ ව්‍යසනකාරී තත්ත්වය රටේ...

බදුල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ කමිටු වාර්තාව( දෙසැම්බර් 01 දින රාත්‍රිය වන විට)

🛑 වාර්තා වී ඇති මරණ සංඛ්‍යාව 84 🛑තුවාලකරුවන් සංඛ්‍යාව 22 🛑අතුරුදහන්...

හිටපු අමාත්‍ය සී. බී. අල්ලස් කොමිසමට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 02, කොළඹ LNW : හිටපු අමාත්‍ය සී....

ආපදා තත්ත්වය පිළිබඳ නවතම වාර්තාව මෙන්න!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW: අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් සිදුව තිබෙන...