පොලිස් පරිපාලනයේ වැඩබැලීම පතිනායකට

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති – පරිපාලන තනතුරේ රාජකාරි ආවරණය කිරීම සඳහා මධ්‍යම පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක මහතා පත් කිරීමට ජාතික පොලිස් කොමිසම කටයුතු කර තිබේ.

වහාම ක්‍රියාත්මක වන පරිදි නැවත දැනුම් දෙන තුරු ලලිත් පතිනායක මහතාව අදාළ තනතුරේ වැඩබැලීම සඳහා පත්කිරීමටයි ඊයේ (01) රැස්වූ ජාතික පොලිස් කොමිසම තීරණය කර ඇත්තේ.

මෙම පත්කිරීම සිදුකර ඇත්තේ නීතිපති උපදෙස් මත වන අතර මධ්‍යම පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ධුරයේ රාජකාරිවලට අමතරව මෙසේ පතිනායක මහතාව ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති – පරිපාලන තනතුරේ වැඩබැලීම සඳහා පත්කර ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ග අද (17) උදෑසන සිට ඇරඹේ

සටහන - රුවන් නෙළුගොල්ල රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද (17)...

අඩු පීඩන කලාපය තවදුරටත් – අද (17) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල දිවයින ආශ්‍රිතව අඩු පීඩන කලාපය...

අපේ දේශපාලනය හොලවන්න කාටවත් බෑ, අපිට අභියෝග කරන්නත් කාටවත්ම බෑ – ඇමති සුසිල්

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ විපක්ෂයේ...