මාස 9කට පෙර LNW පුවත සනාථ කරමින් ධම්මික පෙරේරාට පොහොට්ටුවේ අපේක්ෂකත්වය !

Date:

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂකත්වය පාර්ලිමේන්තු මන්ත්‍රී ධම්මික පෙරේරා මහතාට පිරිනැමීමට නියමිත බව එම පක්ෂ ආරංචිමාර්ග පවසයි.

ඒ අනුව අගෝස්තු 07 වනදා එම තීරණය නිල වශයෙන් උත්සවාකාරයෙන් ප්‍රකාශයට පත්කිරීමට නියමිත බව සඳහන්.

ධම්මික පෙරේරා මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂකයා වශයෙන් තරග වදිනු ඇති බව ලංකා නිව්ස් වෙබ් අප ප්‍රකාශ කළේ මීට මාස නවයකට පෙර, එනම් 2023 දෙසැම්බර් 18 වනදා ය.

ශ්‍රී ලංකාවේ ව්‍යාපාර ක්ෂේත්‍රයේ අංක එකට පැමිණි ධම්මික පෙරේරා මහතා ක්ෂේත්‍ර ගණනාවක දෙස් – විදෙස් ආයෝජන සිදුකර ඇති, ඒ හරහාම ආර්ථිකයේ ක්ෂේත්‍ර ගණනාවක් සම්බන්ධයෙන් සුවිශේෂී දැනුමක් සහ අත්දැකීම් ලබාගෙන ඇති අයෙකි. බැංකු හා මූල්‍ය ක්ෂේත්‍රය, ඇඟළුම්, කාර්මික නිෂ්පාදන, කෘෂිකාර්මික නිෂ්පාදන, සංචාරක ව්‍යාපාරය යනාදී ක්ෂේත්‍ර රැසක් ඊට ඇතුළත් ය.

එසේම අධ්‍යාපන ක්ෂේත්‍රය සම්බන්ධයෙන් සුවිශේෂි අවධානයක් යොමු කරමින් මෙරට අධ්‍යාපනය නවීකරණය කිරීම සඳහා එය ජාත්‍යන්තර මට්ටමට ඔසවා තැබීම සඳහාත් ඩීපී එඩියුකේෂන් වැඩසටහන හරහා ඒ මහතා දක්වා ඇති දායකත්වය අසම සම වන අතර ඩීපී එඩියුකේෂන් වැඩසටහන පාසල් අධ්‍යාපනය සම්බන්ධයෙන් ආසියාවේ අංක එකේ ඩිජිටල් වේදිකාව වශයෙන් ද සම්මානයට පාත්‍ර වී තිබේ. ඒ ඔස්සේ අධ්‍යාපනය ලබන සිසු සිසුවියන් සංඛ්‍යාව ලක්ෂ 15කට අධික ය.

එමෙන්ම මෙරට තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා දස ලක්ෂයක් බිහිකිරීම උදෙසා ඒ මහතා විසින් ආරම්භ කරන ලද ඩීපී එඩියුකේෂන් අයිටී කැම්පස් ව්‍යාපෘතිය මගින් දිවයින පුරා විවිධ ප්‍රදේශවල අයිටී කැම්පස් ශාඛා 145ක් පිහිටුවා ඇති අතර ඒ හරහා සම්පූර්ණයෙන්ම නොමිලේ ලබාදෙන, රැකියා ඉලක්කගත පරිගණක භාෂා පාඨමාලා හදාරණ සිසු සිසුවියන් සංඛ්‍යාව 135000 ඉක්මවා ඇත. මෙම අයිටී කැම්පස් මගින් ඔන්ලයින් ක්‍රමයට පාඨමාලා හදාරණ සිසු සිසුවියන් සමග සමස්ත සිසු සිසුවියන් සංඛ්‍යාව 250000 ඉක්මවා ඇත.

මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බව ප්‍රකාශයට පත්කර ඇති අපේක්ෂකයින් අතරින් ශ්‍රී ලංකාවේ ආර්ථිකය සංවර්ධනය කිරීම සඳහා නිශ්චිත, ප්‍රායෝගික වැඩපිළිවෙලක් සමග ක්‍රියාකාරී සැලැස්මක් ඉදිරිපත් කර ඇත්තේ ද ධම්මික පෙරේරා මහතා පමණි.

සබැඳි පුවත් –

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාව එක්දින පිටියේ ඉදිරි පිම්මක් සමඟ සිම්බාබ්වේට

නිශ්මං රණසිංහ අගෝස්තු 12, කොළඹ LNW: ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් කණ්ඩායම...

හෝමාගම ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රීගේ ඝාතනයට අදාළ සැකකරුවකු අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක අගෝස්තු 12 කොළඹ LNW : හෝමාගම ප්‍රාදේශීය සභාවේ...

ඩෙංගු උණ සීග්‍රයෙන් ව්‍යාප්තවීම හේතුවෙන් රටවල් කිහිපයක ජාතික හදිසි අවස්තාවක් ප්‍රකාශයට පත් කරයි

සටහන: සශිකලා මධුෂාණිඅගෝස්තු 12: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පැසිෆික් දූපත් පුරා...

චිචි ගේ සුප්‍රීම් සැට් එකට වෙච්ච දෙයක් නෑ. ලංකාවේ නමින් චන්ද්‍රිකාවක් අයි ටී යූ දත්තවල නැහැ!

කොළඹ LNW:ඉන්ටර්නැෂනල් ටෙලිකොමියුනිකේෂන් යුනියන් දත්තවලට අනුව ශ්‍රී ලංකාවේ නාමය...