නවසීලන්තයේ සෞඛ්‍ය පද්ධතියට රතු එළියක්!

සටහන – පුන්සරා ලියනගේ
අගෝස්තු 02, (ලෝකය) අවුට්බවුන්ඩ් ටුඩේ:
නවසීලන්තයේ සෞඛ්‍ය පද්ධතිය මේ වනවිට දැඩි පීඩනයකට ලක්ව ඇති බවට වාර්තා වෙයි.

වෛද්‍යවරුන්, කාර්ය මණ්ඩල හිඟය බොහෝ සේ මේ සඳහා බලපාන අතර රෝගීන් දිගු කාලයක් බලා සිටීම් සහ ප්‍රමාද වූ රෝග විනිශ්චයන් පිළිබඳව ද සෞඛ්‍ය අංශය පසුබෑමකට ලක්ව තිබේ.

පසුගිය සතියේ නවසීලන්තයේ දක්ෂිනාංශික ජාතික පක්ෂයේ නායකත්වයෙන් යුත් ආන්ඩුවේ සෞඛ්‍ය ඇමති ෂේන් රෙටි නිවේදනය කලේ තමා NZ Te Whata Ora සෞඛ්‍ය කොමසාරිස්වරයෙකු ලෙස පත් කරන බව ය.

මෙම හදිසි පියවර ගනු ලැබුයේ, ” සෞඛ්‍ය අංශ අධීක්ෂණය, අධික වියදම් සහ මූල්‍ය දැක්මෙහි සැලකිය යුතු පිරිහීම පිලිබඳ බරපතල උත්සුකයන්” නිසා සිදුවූවක් බව රෙටි තවදුරටත් ප්‍රකාශ කළේය.

නමුත් රජය විසින් Te Whatu Ora ගේ මණ්ඩලය නෙරපා හැර ඇති අතර, නව කොමසාරිස් ලෙස්ටර් ලෙවීට පැවරී ඇත්තේ රජය පවසන දේ අධීක්‍ෂණය කිරීම සහ මූල්‍ය කටයුතු පිළිබඳ සැලකිලිමත් වීමය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ නව සභාපති සහ සාමාජිකයන් පත් කෙරේ!

කොළඹ LNW:ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ශ්‍රී ලංකා...

ඉන්දුනීසියාවේ ලැව්ගිනි දුමාරය හේතුවෙන් සැප්තැම්බර් මාසයේ පමණක් මියගිය සංඛ්‍යාව 3500 ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 30 ; ඉන්දුනීසියාවේ...

2027 ඩාකාර් රැළිය පෘතුගාලයේ සහ මොරොක්කෝවේ පැවැත්වීමට තීරණය කරයි

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 30, කොළඹ LNW : ඩකාර් රැලිය 2027:...

2026 ඡන්ද හිමි නාමලේඛනය : ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලත් සංඛ්‍යාව මි. 17.64යි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 30, කොළඹ LNW : ශ්‍රී ලංකා මැතිවරණ...