කුවේට් රාජ්‍යයේදී පෙරේදා (02) පැවති සංගීත සංදර්ශනයකට සහභාගී වූ එහි සංවිධායකයින්, කලාකරුවන්, සංගීතවේදීන් ඇතුළු ශ්‍රී ලාංකිකයින් 24 දෙනෙකු එරට බලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන ඇති බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පවසයි.
මෙම සංගීත සංදර්ශනය සංවිධානය කර ඇත්තේ ජනතා විමුක්ති පෙරමුණේ අනුබද්ධ සංවිධානයක් වන “එතෙර අපි” සංවිධානය විසිනි.
කුවේට් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාල ද සම්බන්ධ කරගෙන මෙම පිරිස හැකි ඉක්මනින් නිදහස් කරගැනීම සඳහා කුවේට් බලධාරීන් සමග කටයුතු කරමින් සිටින බවයි අමාත්‍යවරයා “X” පණිවිඩයක් නිකුත් කරමින් වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.
RN