*
Monday, October 14, 2024
spot_img

Latest Posts

VFS වීසා ගනුදෙනුවෙන් ඩොලර් කෝටි ගණනක් හොරා කෑ අයට එරෙහිව අධිකරණ තීන්දුවක් ගන්න අපි සමත් වුණා – සජිත්

සටහන – රුවන් නෙළුගොල්ල

රටේ වීසා නිකුත් කිරීම ප්‍රසම්පාදන ක්‍රමවේදයෙන් තොරව VFS ආයතනයට ලබා දීම නිසා ඩොලර් බිලියන 1.2ක පාඩුවක් රටට සිදුවූ බවත් මේ හොර මගඩිය මුලින්ම රටට හෙළිදරව් කළේ තමන් බවත් මේ හොර මගඩිය ගැන රවුෆ් හකීම්, සුමන්තිරන්, චම්පික රණවක, රංජිත් මද්දුම බණ්ඩාර, අශෝක් අබේසිංහ, සමගි ජන බලවේගයේ නීතිඥ කණ්ඩායම එකට එකතු වී මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කළ අතර එහිදී මේ මගඩිය නැවැත්වීමට ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝගයක් ලබා දුන් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

“අපි 02 වෙනිදා දවසේ මෙරට ලක්ෂ 220ක ජනතාව වෙනුවෙන් ලොකු ජයග්‍රහණයක් ලැබුවා. දැවැන්ත මූල්‍ය වංචාවකට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ප්‍රමුඛ ඔහුගේ හොර නඩය VFS ආයතනයට රටේ වීසා නිකුත් කිරීමේ අවස්ථාව කිසිම ප්‍රසම්පාදන ක්‍රමවේදකයින් තොරව ලබාදීලා. අපේ රටට මේ මූල්‍ය වංචාව හරහා සිදුවූ පාඩුව ඩොලර් බිලියන 1.2 ක්. මේ හොර මගඩිය පාර්ලිමේන්තුවේ කතාවක් කරලා පළමුවෙන්ම රටට හෙළිදරව් කළේ මමයි. මම ස්තූතිවන්ත වෙනවා මේ හොර මගඩිය පිළිබඳව රවුෆ් හකීම් මැතිතුමා, සුමන්දිරන් මැතිතුමා, චම්පික රණවක මැතිතුමා, අපේ පක්ෂයේ රංජිත් මද්දුම බණ්ඩාර මහලේකම්තුමා සහ අපේ පෙත්සම්කරු හැටියට ඉදිරිපත් වුණු අශෝක් අබේසිංහ මැතිතුමා ඇතුළු සමගි නීති බලවේගයේ සභාපති උපුල් ජයසූරිය මැතිතුමා ඇතුළු නීතීඥ කණ්ඩායම, මේ සියල්ලන්ම එකට එකතුවෙලා මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කරපු අවස්ථාවේ ශ්‍රේෂ්ඨාධිකරණය මේ හොරකම ඉදිරියට ක්‍රියාත්මක කිරීම වහා අත්හිටුවන්නට අතුරු තහනම් නියෝගයක් දුන්නාය කියන එක අපි කියන්නේ බොහොම ආඩම්බරයෙන්. හොරු අල්ලනවායි කියලා ඕනෙ කෙනෙකුට කියන්න පුළුවන්, කියලා විතරක් හරියන්නෙ නෑනෙ. ඒවා කරන්න ඕනෙ නෙ. එක කට්ටියක් ඉන්නවා මේ ගනුදෙනුව ගැන මීක් සද්දයක් නෑ. ඒගොල්ලොලු රට හදන්න එන්නෙ … ඒගොල්ලොලු හොරු අල්ලන්නෙ. අර ෆයිල් මිටි ගණන් ගෙනල්ලා ප්‍රදර්ශනය කරලා හොරු අල්ලනවාලු. VFS ගනුදෙනුව ගැන හ්ම්ම් සද්දයක් නෑ. මරු හොරු අල්ලන කණ්ඩායම”

සමගි ජන බලවේගය හා සමගි ජන සන්ධානයේ නීති⁣ඥයින් මීට පෙරත් ශ්‍රේෂ්ඨාධිකරණයට ගොස් ගෝඨාභය, මහින්ද, බැසිල් ප්‍රමුඛ පිරිස රට බංකොලොත් කළ බවට තීන්දුවත් ගත් බවත් ඔවුන් මූලික අයිතිවාසිකම් කඩ කළ බවට එහිදී තහවුරු වූ බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

ඒ අනුව මේ සමගි ජන බලවේගය විපක්ෂයේ සිටම හොරු ඇල්ලු දෙවැනි අවස්ථාව බවත් කයියනායකයින් මේ ගැන කතා නොකළත් සමගි ජන බලවේගය ඒ වෙනුවෙන් පෙනී සිටි බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව පැවසුවේ ගම්පහදී පැවැති දසවැනි දිවිදෙන රණවිරු බලවේගයේ සමුළුව අමතමිනි.

සමගි ජන බලවේගය ළග බොරු වැඩ නොමැති බවත් ක්‍රියාවෙන් වැඩ පෙන්වන බවත් VFS ගනුදෙනු නිසා රටට අහිමි වූ මුදල්වලින් පාසල් සංවර්ධනය කරන්න හැකි බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

මානුෂීය මෙහෙයුමක් හරහා මෙරට ත්‍රස්තවාදීන්ගෙන් මුදවා ගත්තත් මේ වන විට රට මූල්‍ය ත්‍රස්තවාදීන්ගේ ග්‍රහණයට ලක්ව ඇති බවත් බංකොලොත් රටේ පාලකයෝ ජනතා දේපල තමන්ගේ පෞද්ගලික දේපල මෙන් භාවිත කරන බවත් හොරකම මැරකම දූෂණය නිසා රට මූල්‍ය ත්‍රස්තවාදීන්ගේ ග්‍රහණයට ලක්ව ඇති බැවින් ඒ මානුෂීය මෙහෙයුමේ දෙවැනි පියවර ආරම්භ කර මූල්‍ය ත්‍රස්තවාදීන් නීතිය හමුවට ගෙනවිත් එම සොරා කැ මුදල් නැවත රටට ලබා ගත යුතු බවත් විපක්ෂ නායකවරයා අවධාරණය කළේය.

මේ දෙවැනි මානුෂීය මෙහෙයුමෙන් පවුල්වාදී හොර පවුල්වල අය නීතිය හමුවට ගෙනවිත් යුක්තිය සාධාරණත්වය ඉටු කර නැවත රටෙන් සොරා කැ සම්පත් ලබා ගත යුතු බවත් ඒ ඉලක්කය කරා යාමට සහාය අවශ්‍ය බවත් ඊට අදාළ පදනම මේ වන විටත් තබා ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan