මම වෙලාවට තීන්දුව ගන්නම්.මම ගත්ත හැම තීන්දුවම මිනිස්සු පිළිගත්තා – රාජිත

Date:

කොළඹ LNW: තමන් නිසි වෙලාවට අවශ්‍ය දේශපාලන තීන්දුව ගන්නා බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා පවසයි.

මෙතෙක් කාලයක් තමන් ගත් හැම තීන්දුවක්ම මිනිස්සු පිළිගත් අතර මේ වන විට ජනතාව හොඳටම පාඩමක් ඉගෙන ගෙන සිටින බවයි සේනාරත්න මහතා සඳහන් කරන්නේ.

දැනට ක්‍රියාත්මක වෙමින් තිබෙන ක්‍රමවේදය ඉදිරියට යා යුතු වන අතර එය වෙනස් කිරීමට ගියහොත් මීට පෙර පවතී පෝලිම් යුගය නැවත එනු ඇති බව හෙතෙම පවසයි.

”මේ ගමන තමයි ඉස්සරහට යන ඕනේ. ඒක වෙනස කරන්න ගියොත් ආපහු එන්නේ අර කලින් තිබුණ තැනට. අපිට හරියට ණයවරයක් විවෘත කරගන්න බැරි තත්ත්වෙකට රට නැවත ගමන් කරනවා. එක දවසක පෙට්‍රෝල් පෝලිමේ. අනිත් දවසේ ගෑස් පෝලිමේ. තව දවසක ඩීසල් පෝලිමේ. නැව් ඇවිල්ල වටේ තියෙයි. මෙවැනි රටක් ආපහු ඇති වෙනවා. මිනිස්සු හොඳටම පාඩමක් ඉගෙන ගත්තනේ. මම තීන්දුව ගන්නම් වෙලාවට. මම ගත්ත හැම තින්දුවම මිනිස්සු පිළිගත්තනේ. අපේ අවසාන කාලෙය්දී මේ රට දියුණු රාජ්‍යයක් බවට පත්කරගන්න ඕනේ. ඒක තමයි එකම අභිලාශය. ඒකට තියෙන්නේ එක මාර්ගයයි. ඒ මාර්ගය හරියට තෝරාගෙන යන්න ඕනේ.” යනුවෙන් සේනාරත්න මහතා වැඩිදුරටත් කියිසිටියි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රටේ ආර්ථික ජයග්‍රහණ චෞර වළල්ලක් වටා ගොඩගැසී තිබු යුගය අවසන් – ජනපති මහනුවරදී කියයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:රටේ ආර්ථික ජයග්‍රහණ පවුල් කිහිපයක් සහ එම...

එප්ස්ටයින් සබඳතා සම්බන්ධයෙන් නෝර්වේ පොලිසිය හිටපු අගමැති Jagland  ගැන විමර්ශනය කරයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 06, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): නෝර්වේ රාජ්‍යයේ හිටපු...

නිදහසේ අද අර්ථය…

මහේෂ් හපුගොඩ නිදහස් උත්සවේ අර්ථය මනිනවා නම් මණින්න ඕනි අනුරගේ...