මැතිවරණ කොමිසමෙන් හදිසි දැනුම් දීමක්!

රෂිකා හෙන්නායක අගෝස්තු 05, කොළඹ (LNW):

2024 ජනාධිපතිවරණයේදී ඡන්දහිමි නාමලේඛනයේ ලියාපදිංචි ඡන්දහිමියන්ට දිවයිනේ ඕනෑම ඡන්ද මධ්‍යස්ථානයකින් ඡන්දය ප්‍රකාශ කිරීමට පහසුකම් සලසා ඇතැයි යනුවෙන් සංසරණය වන පුවත අසත්‍ය බව මැතිවරණ කොමිෂන් සභාව අවධාරණය කරයි.

ඡන්දහිමියාට ඉදිරියේදී තැපෑලෙන් ලැබීමට නියමිත නිල ඡන්ද දැන්වීම්පතෙහි සඳහන් ඡන්ද පොළට පරිබාහිර ඡන්ද පොළකදී ඡන්දය ප්‍රකාශ කිරීමට කිසිවෙකුටත් අවකාශ නොමැති බව ,නිවේදනයක් නිකුත් කරමින් මැතිවරණ කොමිසම පවසයි.

මීට අමතරව තැපැල් ඡන්ද හිමිකම ඇති අයෙකුට තමාගේ සහතික කිරීමේ නිලධාරියාගේ කාර්යාලයේදී ඔහු ඉදිරියේ සිය ඡන්දය ප්‍රකාශ කිරීමේ හැකියාව පවතී. 2024 ඡන්දහිමි නාමලේඛනයේ ලියාපදිංචි ඡන්දහිමියන්ගේ ලිපිනය වෙත ඡන්දහිමියාගේ නම, ඡන්දය ප්‍රකාශ කළ හැකි ඡන්ද මධ්‍යස්ථානය සඳහන් කර නිල ඡන්ද දැන්වීම්පතක් තැපෑලෙන් ලැබෙනු ඇතැයි එහි සඳහන්ය. එහි සඳහන් ඡන්ද පොළට පරිබාහිර ඡන්ද පොළකදී ඡන්දය ප්‍රකාශ කිරීමට කිසිවෙකුටත් අවකාශ නොමැති බව මැතිවරණ කොමිසම අවධාරණය කරයි.

අදාළ නිවේදනය පහතින් දැක්වේ.



Share post:

spot_imgspot_img

Popular

More like this
Related

PSTA, POCA හරහා රජය ඒකාධිපති ආඥාදායක තනි පක්ෂ පාලනයක් කරා රට ගෙනයන්න උත්සාහ කරනවා – විපක්ෂ නායක සජිත්

ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත සහ සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ...

අපේ සිහිනයට යෑම සඳහා විවිධ අණපනත් රෙගුලාසි සම්මත කරගන්න වේවි – මන්ත්‍රී සුරවීර

ජාතික ජන බලවේගයට බලය ලබාදුන් ජනතාව විසින් ලබාදී ඇති...

මාලිමාවේ ජාතික විධායක කමිටු සාමාජික ලාල් විජේනායක අභාවප්‍රාප්ත වෙයි !

ජාතික ජන බලවේගයේ ජාතික විධායක කමිටු සාමාජික ජ්‍යේෂ්ඨ නීතීඥ...

ඉතිහාසයේ අද වන් දිනෙක – ඉන්දිරා ගාන්ධි ඝාතනය: ඉන්දියාවම කම්පනයට පත් කළ ඛේදවාචකය

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31 : 1984 ඔක්තෝබර්...