පොහොට්ටුවේ ජනාධිපතිවරණ අපේක්ෂකයා ප්‍රකාශයට පත්කිරීම හෙට

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂකයා ප්‍රකාශයට පත්කිරීම හෙට (07) දිනයේදී සිදුකෙරෙන බව එම පක්ෂයේ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා පවසයි.

ප්‍රශ්නය – දැන් අපේක්ෂකයා නම් කරන්නේ කවද්ද ?

“07 වෙනිදා”

ප්‍රශ්නය – කොහෙද තියෙන්නෙ ?

“හුඟක් වෙලාවට පක්ෂ කාර්යාලය තමයි සුදුසුම තැන කියලා තමයි හුඟ දෙනෙක්ගේ මතය වුණේ. අපි බලමු ඉස්සරට, තැන හරියටම කියන්නම්”

ප්‍රශ්නය – පක්ෂ කාර්යාලය වගේ නැතිව ලොකු තැනක කරනවා කියලානෙ ඔබතුමාලා කිව්වෙ ?

“රැස්වෙච්ච කට්ටියගේ බහුතර මතය තිබුණේ පක්ෂයේ දෙයක්, පක්ෂයේ අපේක්ෂකයෙක් නම් කිරීම පක්ෂ කාර්යාලයේදී කරමු කියලායි”

ප්‍රශ්නය – ධම්මික පෙරේරාගෙ නම නෙවෙයිද ?

“07 වෙනිදාට කියන්නම්”

සාගර කාරියවසම් මහතා මේ බව පැවසුවේ ඊයේ (05) කොළඹ 07 විජේරාම මාවතේ පිහිටි මහින්ද රාජපක්ෂ මහතාගේ නිල නිවසේදී පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සේවය නිමකර නිවස බලා පැමිණෙමින් සිටි පොලිස් නිලධාරියාට පහර දුන්නේ කවුද?

රෂිකා හෙන්නායක දෙසැම්බර් 21, කොළඹ LNW : ඊයේ රාත්‍රියේදී (20)...

මාර්ගගත ළමා අපයෝජන වැළැක්වීම සඳහා නීතිමය පද්ධතිය: දඬුවම්, වැළැක්වීම සහ අන්තර්ජාල සේවා සැපයුම්කරුවන්ගේ වගකීම

මාර්ගගත ළමා අපයෝජන වැළැක්වීම සඳහා නීතිමය පද්ධතිය: දඬුවම්, වැළැක්වීම සහ අන්තර්ජාල සේවා සැපයුම්කරුවන්ගේ වගකීම