කවුරු අමතක කළත් අපි විශ්‍රාමිකයින් අමතක කරන්නේ නැහැ. විශ්‍රාමිකයින්ට උපරිම සහන දෙනවා – සජිත් (VIDEO)

සටහන – රුවන් නෙළුගොල්ල

ලක්ෂ 7ක් වූ විශ්‍රමික ප්‍රජාව වෙනුවෙන් 2021 සිට තමා පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කළ බවත් තමන් එසේ කළේ ජනාධිපතිවරණයක් පෙනෙන්නට හෝ නොමැති කාලයක බවත් එහිදී ගොවි ධීවර විශ්‍රාම වැටුප් ගැන පවා ප්‍රශ්න කළ බවත් මේ අයගේ අයිතිය වෙනුවෙන් ඉදිරියේ දී ද පෙනී සිටින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව පැවසුවේ රාජ්‍ය හා පළාත් පාලන සේවා විශ්‍රාමික ජාතික සංවිධානයේ නියෝජිතයන් සමග ඊයේ (05) පැවති හමුවකදීය.

අග්‍රහාර රක්ෂණ ගැටලුව, විශ්‍රාම වැටුප් විෂමතා සහ ජීවන වියදම් දීමනා ගැටලුව, 15% ජ්‍යෙෂ්ඨ පුරවැසි පොලිය ආදී ගැටලු රැසක් සම්බන්ධයෙන් අවධානය යොමු ව ඇති බවත් විශ්‍රාමිකයන්ගේ අයිතිය රැකගෙන මේ දේවල් ලබා දෙන බවත් රටේ මූල්‍ය වපසරිය දැන ගෙන අප කටයුතු කළ යුතු බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

එමෙන්ම විශ්‍රාමිකයන්ට ලබා දියහැකි උපරිම සහන ලබා දෙන බව පැවසූ විපක්ෂ නායකවරයා ආර්ථික වර්ධනය තුළ යහපත් මූල්‍ය වාතාවරණයක් ඇති වූ පසු මේවා සියල්ල ලබා දිය හැකි වුවත් රජය කරන්නේ ආර්ථිකය කුඩා කිරීම බවයි පෙන්වා දුන්නේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හූති ප්‍රහාර මැඩපැවැත්වීමට සෞදි අරාබියට බ්‍රිතාන්‍යයෙන් ආරක්ෂක හමුදා සහාය

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 22: යේමනයේ හූති සටන්කාමීන්ගෙන්...

පාස්කු ප්‍රහාරයේ මහ නඩුවේ තීන්දුව අද. අධිකරණයට විශේෂ ආරක්ෂාවක්

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධ ප්‍රධාන නඩුවේ තීන්දුව අද...

බෙංගාල බොක්කේ අඩුපීඩන කලාපය ගැඹුරු පීඩන අවපාතයක් වෙයි – අද (22) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල දිවයිනට ඊශාන දෙසින් බෙංගාල බොක්ක මුහුදු...

මූල්‍ය වංචා සිද්ධියකට හිටපු ඇමති චාමර සම්පත්ගේ ලේකම්වරයකු අත්අඩංගුවට

හිටපු අමාත්‍ය සහ වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක...