තෙල් ප්‍රශ්නය 5 වෙනකොට විසඳනවා. විදුලි ප්‍රශ්නය 10 වෙනකොට විසඳනවා – බැසිල්

0
9529

රට තුළ මේ වනවිට උද්ගතව ඇති ඉන්ධන හිඟය සහ විදුලි කප්පාදුව පිළිබඳ ප්‍රශ්නය විසඳන දින වකවානු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් ප්‍රකාශ කර ඇති බව වාර්තා වේ.

පෙරේදා (01) පැවති ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී ඒ මහතා මේ බව ප්‍රකාශ කර ඇති බව සඳහන්.

ඒ අනුව දැනට පවතින ඉන්ධන හිඟය අප්‍රේල් 05 වනදා වනවිට අවසන් කරන බවයි ඒ මහතා ප්‍රකාශ කර ඇත්තේ.

එසේම දැනට පවතින විදුලි කප්පාදුව අප්‍රේල් 10 වනදා වනවිට සැලකිය යුතු මට්ටමකින් අඩු කරන බවත් එයින් පසුව විදුලිය කැපෙනු ඇත්තේ දිනකට පැය දෙකක් වැනි කාලයක් පමණක් බවත් ඒ මහතා ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම හමුවේ පැවසූ බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.

ඉන්දීය ණය ආධාර ක්‍රමය මේ වනවිට ක්‍රියාත්මක වී ඇති නිසා ඔවුන්ගෙන් අඛණ්ඩව ඉන්ධන සැපයුමක් ලැබෙන හෙයින් මෙසේ මෙම ප්‍රශ්න විසඳා ගැනීමේ හැකියාව ලැබී ඇතැයි බැසිල් රාජපක්ෂ මහතා එහිදී පැවසූ බවත් වාර්තා විය.

RN

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here