ඊශ්‍රායලයේ සිටින සියලු ශ්‍රී ලාංකිකයන්ට සහ සියලු විදෙස් ශ්‍රමිකයන් වෙත හදිසි දැනුම් දීමක්!

Date:

රෂිකා හෙන්නායක අගෝස්තු 06, කොළඹ (LNW):

මේ වනවිට ඊශ්‍රායලයේ පවතින ගැටුම්කාරී තත්ත්වය හමුවේ, එරට සිටින සියලු ශ්‍රී ලාංකිකයන්ට සහ සියලු විදෙස් ශ්‍රමිකයන් සඳහා හදිසි අවස්තාවක් ඇති වූවහොත් ක්‍රියාකිරීම සඳහා දුරකථන අංක කිහිපයක් සහ මාර්ගෝපදේශ නිකුත් කර තිබේ. මේ සම්බන්ධයෙන් ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බන්ඩාර මහතා ප්‍රකාශ කළේ, මේ වන විට ශ්‍රී ලංකිකයින් 11,000ක් පමණ ඊශ්‍රායලයේ සේවය කරන බවත් ඉන් 70%ක් පමණ සාත්තු සේවකයන් ලෙස සේවය කරන්නන් බවත්ය.

ඉතිරි 30% කෘෂිකාර්මික සහ ඉදිකිරීම් අංශයන්හි සේවය කරන බව නිමල් බණ්ඩාර මහතා සඳහන් කළේය. මේ අතර ඊශ්‍රායලයේ සිටින ශ්‍රී ලාංකිකයන් සම්බන්ධයෙන් අනියත බියක් ඇති නොගන්නා ලෙස එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය දැනුම්දෙයි. කිසියම් හදිසි අවශ්‍යතාවයක් ඇති වුවහොත් ඊශ්‍රායලයේ සිටින ශ්‍රී ලාංකිකයින්ට පහත සඳහන් දුරකථන අංක ඔස්සේ තොරතුරු ලබාගත හැකියි.

එම්. එච්. එම්. එන්. බණ්ඩාර -තානාපති
වට්ස්ඇප් අංකය – +9471 664 0560

ඊ. ආර්. එම්. එස්. එච්. ඒකනායක – නියෝජ්‍ය දූත මණ්ඩල ප්‍රධානි 
වට්ස්ඇප් අංකය – +9471 844 7305

වයි. සී. නිල්මිණි අබේගුණවර්ධන – උපදේශක
වට්ස්ඇප් අංකය – +9471 683 3513

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සුපර්මෑන් දුෂ්ටයා Terence Stamp දිවිගමනින් බැස යයි!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): සුපර්මෑන් දුෂ්ටයා ලෙස...

2025 වසරේ කාර්මික ක්ෂේත්‍රයේ රැකියා සදහා යොමු වීම ඉහළැට: ශ්‍රී ලංකා මහ බැංකුව

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: 2025 වසරේ පළමු කාර්තුව...

තකිකෝ යොෂිඩා මැතිණියගේ 117 වන ජන්ම දින සමරුවට පින්කම් රැසක්!

කොළඹ LNW:ජපානයේ පවතින ඉතාමත් නිවැරදි හා දියුණු පෙර පාසල්...

ඕමන්තේ මාරක අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්‍ෂයට!

රෂිකා හෙන්නායක අගෝස්තු 18, කොළඹ LNW: කැබ් රථයක් ලොරියක ගැටී...