(VIDEO):පොහොට්ටුවවත්,සමඟියවත්,රනිල්වත් අපිට අභියෝගයක් නෙවෙයි – AKD

Date:

කොළඹ LNW:සමඟි ජන බලවේගය,පොහොට්ට්ටුව හා ජනාධිපති රනිල් වික්‍රමසිංහ පාර්ශවය තුළ සිදුවෙමින් තිබෙන දේශපාලන වෙනස්කම් ජාතික ජන බලවේගයට අභියෝගයක් නොවන බව එහි නායක ජනාධිපති අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා පැවසුවේය.

සමඟියේ ආණ්ඩුවක් තුළ වංචා දුෂණ මැඩ පැවැත්වීමේ වගකීම සරත් ෆොන්සේකා මහතා වෙත දෙන බව පවසා තිබුණු පසුබිමක ඔහුව ඉවත්කර පොහොටුවේ සභාපති ජී.එල්.පීරිස් එක්කර ගැනීම හෝ වංචා දුෂණ චෝදනා තිබෙන නාලක ගොඩහේවා වැනි අය එක්කරගැනීම රනිල් වික්‍රමසිංහ හිරේ දාන තෙක් නින්ද යන්නේ නැහැ කියූ මහින්දානන්ද අලුත්ගමගේ දැන් රනිල් වික්‍රමසිංහ සමඟ එකතු වීම,රෝහිත අබේගුණවර්ධන වැනි අය රනිල් වික්‍රමසිංහ සමඟ එකතු වීම වැනි දේවල් ජාතික ජන බලවේගයට බලපෑමක් නොමැති බවයි දිසානායක මහතා සඳහන් කළේ.

මේ වන විට පුරුදු පරිදි වරදාන වරප්‍රසාද වෙනුවෙන් එහෙට මෙහෙට පනිමින් සිටින අතර සිය ආණ්ඩුවක් තුළ අනිවාර්යයෙන් එම ක්‍රමවේදය නතර කිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සංශෝධනයක් ගෙන එන බව ඔහු අවධාරණය කළේය.

එම දේශපාලනය දන රටේ ජනතාව ප්‍රතික්ෂේප කර තිබෙන බවයි හෙතෙම වැඩිදුරටත් පැවසුවේ.

අනුර දිසානායක මහතා මෙම අදහස් පළකළේ ඊයේ (06) පස්වරුවේ ජ්ජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සමඟ පැවති සාකච්ජාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බදුල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ කමිටු වාර්තාව!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 01, කොළඹ LNW : නොවැම්බර් 30 දින...

හදිසිය යොදාවත් බඩු මිල පාලනය කරන්න !

උපාලි කොළඹගේ කොළඹ LNW:ආපදාවට පත්වූවන්ට සහන සැලසීම රජය හා නිලධාරි...

අර්බුදය ජය ගැනීම සඳහා සහාය වීම සඳහා සන් සියම් සමූහය ඇමරිකානු ඩොලර් 200,000 ක මුදලක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 01, කොළඹ LNW:  වත්මන් අර්බුදය ජය ගැනීම...

සමඟිය ආණ්ඩුවට අපරාධ නඩු දාන්න සැරසෙයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:අයහපත් කාලගුණික තත්ත්වය මත ඇති වූ ආපදාවන්...