*
Sunday, October 13, 2024
spot_img

Latest Posts

නොදියුණූ දේශපාලන සංස්කෘතිය තුළ ජනපති අපේක්ෂකයන් ප්‍රමාණය ඉහළ ගිහින් – බන්දුල ගුණවර්ධන

සටහන – නදීක දයා බණ්ඩාර
අගෝස්තු 07, LNW මහනුවර:
ආර්ථික වශයෙන් රට ශක්තිමත් කිරීම සඳහා රටට අවශ්‍ය ජාතික වැඩසටහන් නීතියක් බවට මේ වන විට පත් කොට ඇතැයි ප්‍රවාහන මහා මාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.
පාර්ලිමේන්තුවේ දී මෑත කාලයේදී සම්මත කර ගන්නා ලද අණ පනත් රැසක් හේතුවෙන් ශ්‍රී ලංකාව මේ වන විට සංවර්ධනයේ ගමන් මාවත කරා යොමුවී ඇතැයි ද අමාත්‍යවරයා තව දුරටත් පැවසුවේය.

අමාත්‍යවරයා මෙම අදහස් පළ කරන ලද්දේ හංගේරියානු රජයේ ආධාර මත ගැටඹේ ගුවන් පාලම ඇතුලු එම කලාපයේ සිදුවන සංවර්ධන කටයුතු පිළිබඳව ඊයේ (06) පස්වරුවේ කළ නිරීක්ෂණයෙන් පසු මහනුවර දී පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමිනි.
මෙරට ඉතිහාසයේ නොතිබුණු පරිදි ජාතික වැඩසටහනක් නීතියක් බවට පත් කොට ඇති බව කී අමාත්‍යවරයා මිල ස්ථායිකරණය සඳහා මහ බැංකු පනත මඟින් මුදල් මුද්‍රණය කිරීම අත්හිටුවා ඇති බව ද කීවේය. එමෙන්ම පාර්ලිමේන්තුවේ සම්මත කළ ණය පාලන පනත මගින් ගිණි පොළීයට ණය ගැනීමට රජයට නොහැකි වී ඇතැයි ද හෙතෙම සඳහන් කළේය.

එමෙන්ම රාජ්‍ය මූල්‍ය කළමණාකරණ පනත සම්මත කිරීම මගින් අවශ්‍ය පරිදි අය වැය සකස් කළ නොහැකි වී ඇතැයි කී අමාත්‍යවරයා තමන්ට අවශ්‍ය පරිදි ආර්ථීක ප්‍රතිපත්ති වෙනස් කළ නොහැකි වී ඇත්තේ ආර්ථීක පරිවර්ථන පනත හේතුවෙන් යැයි ද කීවේය. ඒ අනුව අය වැය කමිටුවේ විද්වතුන්ගේ දායකත්වය මගින් අය වැය සකස් කිරීමට හැකිවන බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.

එමෙන්ම පාර්ලිමේන්තුවේ සම්මත කරන ලද දූෂණ විරෝධී පනත හේතුවෙන් රට තුළ සොරුන් ඇල්ලිමට හැකියාව ලැබෙන බව කී ඒ මහතා මීට පෙර කිසිදු අවස්ථාවකදී ජාතික වැඩසටහනක් නීතියක් බවට පත් කොට නැති බව එහිදී සඳහන් කළේය.
ආර්ථික අවපාතයෙන් වැටුණූ රට ගොඩ ගැනීම සඳහා අන්තර්ජාතික ප්‍රතිපත්තීන්ට අනුව රටේ අනාගත සංවර්ධන මාවත නීතියක් බවට මේ වන විට පත් කොට ඇතැයි ද අමාත්‍යවරයා කීවේය.

මෑත කාලයේදී ශ්‍රී ලංකාව තීරණාත්මක ගිවිසුම් කිහිපයකට අත්සන් කොට ඇතැයි ද කී ඒ මහතා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ විස්තීරණ ණය ගිවිසුම පිළිබඳව ගිවිසුම් ගත වී ඇතැයි ද එහිදී පැවසුවේය. ණය ආපසු ගෙවීම පිළිබදව පැරිස් සාධාරණ කණ්ඩායම සහ චීනය, ඉන්දියාව සමඟ අත්සන් කරන ලද ගිවිසුම් ඇතැයි ද අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා වැඩිදුරටත් පැවසුවේය.

ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා, ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍යාංශයේ ලේකම් රංජිත් ගංගානාත් රූබසිංහ මහතා, හංගේරියානු රජය නියෝජනය කරමින් Marton Laszlo (Honourable Council of Sri Lanka Hungary (CEO – Betonutepito) මහතා, නවදිල්ලි හංගේරියානු තානාපති කාර්යාලයේ ආර්ථික සහ වාණිජ උපදේශක Levente Kardos මහතා, මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ප්‍රියන්ත සූරියබණ්ඩාර මහතා, ව්‍යාපෘති භාර අධ්‍යක්ෂ නලින්ද රත්නායක මහතා, මාර්ග සංවර්ධන අධිකාරියේ විධායක නිලධාරීන්, දුම්රිය දෙපාර්තමේන්තුව ඇතුළු රාජ්‍ය ආයතනවල නිලධාරීන් ඇතුළු විශාල පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan