බංග්ලාදේශයේ නව අන්තර්වාර නායකයා ලෙස මුහම්මද් යුනුස් වැඩ භාර ගනියි

Date:

සටහන: සශිකලා මධුෂාණි,
අගෝස්තු 08, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ) : සති ගණනාවක් තිස්සේ බංග්ලාදේශ විශ්වවිද්‍යාල සිසුන් විසින් මෙහෙයවන ලද විරෝධතා ව්‍යාපාර හේතුවෙන් අගමැතිනී ශික් හසීනාගේ ආණ්ඩුව පෙරලා දැමීමත් සමඟ දේශපාලන අර්බුදය හමුවේ අන්තර්වාර ආණ්ඩුවේ ප්‍රධානියා ලෙස බංග්ලාදේශයේ නොබෙල් ත්‍යාගලාභී මුහම්මද් යුනුස් පත්ව ඇති බව වාර්තා වේ.

84 හැවිරිදි යුනුස්, හසීනාගේ වසර 15 ක අයෝමය පාලනයේ දැඩි විවේචකයෙකි.

300කට අධික පිරිසකට මාරු කඳවමින් දහස් ගණනක් අත්අඩංගුවට ගත් ඉතිහාසයේ මාරාන්තික විරෝධතාවයකින් පසුව ආර්ථික විද්‍යාඥයා, ව්‍යවසායකයා රටේ පාලනය භාර ගනිමින් නීතිය හා සාමය ස්ථාපිත කිරීමටත්, ආර්ථිකය පණ ගැන්වීමටත්, නිදහස් හා සාධාරණ මැතිවරණයකට මංපෙත් විවර කිරීමටත් පොරොන්දු වී තිබේ.

දුප්පත් ජනතාවට නව ව්‍යාපාර ආරම්භ කිරීමට ඉඩ සැලසීම සඳහා ක්ෂුද්‍ර ණය ලබාදීමේ පුරෝගාමී වූ ග්‍රාමීන් බැංකු ක්‍රමයක් ක්‍රියාත්මක කිරීම හරහා මිලියන ගණනක් දරිද්‍රතාවයෙන් මුදා ගැනීමට ආරම්භ කිරීම හේතුවෙන් ඔහට 2006 වසරේදී නොබෙල් ත්‍යාගය පිරිනමා තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දිල්රංගගේ රංගයට තිරය වසන්න එපා!

නිශ්මං රණසිංහ ජනවාරි 10, කොළඹ LNW: මීටර් 200 ධාවන පථයක...

ඇරඹූ ප්‍රතිසංස්කරණ කටයුතු සියල්ල අවසන් අදියරේ!

රෂිකා හෙන්නායක ජනවාරි 10, කොළඹ LNW : ආපදාවෙන් රට තුළ...

හිම වැටෙන රාත්‍රියක රෝස අහසක්! Real-Life Stranger Things Moment

සටහන – පුලී ජනවාරි 10, කොළඹ (LNW): ඉකුත් බ්‍රහස්පතින්දා රාත්‍රියේ බටහිර...

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඕනේ. හැබැයි පිටරටින් කොපි කරපුවා එපා – නාමල්

කොළඹ LNW:නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ හඳුන්වා දී ඇති 6...